වර්ජනයේ නිරත ගුරු සංගම් වලට තවත් සාකච්ඡා වටයක්

By Sewvandhi Jul 24, 2021 09:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ගුරුවරුන්ගේ වැටුප් ගැටළුව විසඳීම සඳහා අධ්‍යාපන ඇමැතිවරයා සහ ගුරු සංගම් නියෝජිතයන් අතර තවත් සාකච්ඡා වටයක් පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනිද්දා (ජූලි26) සඳුදා පෙරවරුවේදී අධ්‍යාපන අමාත්‍යාංශයේදීයී.

මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා කිරීමෙන් ගන්නා තීරණ මෙහිදී ගුරු සංගම් නියෝජිතයන්ට දැනුම් දීමට නියමිතවතිබෙන බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසුවේ.

මේ අතර ගුරුවරුන් ප්‍රායෝගික පරීක්ෂණවලින් ඉවත් වුවහොත් ඔවුනට සමාජයෙන් විවිධ අපවාදයන්ට මුහුණ දීමට සිදුවනු ඇති බවත්, සියලු ගුරුවරුන් මේ අවස්ථාවේදී දරුවන්ගේ අධ්‍යාපනය ගැන සංවේදී විය යුතු බවත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

You may like this video-:



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now