ගුරු පා ගමන නතර කරයි

By Sewvandhi Aug 07, 2021 06:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

දැනට මෙරට පවත්නා කොවිඩ් 19ය තත්ත්වය ගැන සලකා  මහනුවර සිට කොළඹ බලා පැමිණෙන ගුරු විදුහල්පති වෘත්තීය සමිතිය  සිය පා ගමන  පස්යාල ප්‍රදේශයේදී නතර කිරීමට තීරණය ගෙන ඇත.

මීට පෙර ඩෙල්ටා ප්‍රභේදය රට තුළ සීග්‍රයෙන් පැතිරෙමින් පවතින අවස්ථාවක උද්ඝෝෂණ පැවැත්වීම නතර කරන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ගුරු විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබුනා.

නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් කියා සිටියේ ඩෙල්ටා ප්‍රභේදය හමුවේ මේ වන විට රෝහල් ධාරිතාව ද ඉක්මවා ගොස් ඇති බවයි.

මේ නිසා උද්ඝෝෂණ හමුවේ ඒකරාශීවීම් ඉහළ යාම හරහා රෝගය පැතිර යාමට වැඩි ඉඩ කඩක් පවතින බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මේ අතර, ගුරු - විදුහල්පති වැටුප් විෂමතා ගැටළුවට විසදුම් ඉල්ලා වෘත්තීය සමිති කිහිපයක් පසුගිය 4 වන දා මහනුවරින් ආරම්භ කළ විරෝධතා පා ගමන අද 4 වන දිනටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව අද පෙරවරු 10ට පස්යාල නගරයෙන් ආරම්භ වන මෙම විරෝධතා පා ගමන යක්කල නගරයෙන් අවසන් වීමට නියමිතයි. එමෙන්ම, ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ගුරු විදුහල්පතිවරුන් ඉවත්ව අදට දින 27ක් ගත වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha