ගුරු විදුහල්පති උද්ඝෝෂණයෙන් 42කට සිදුවන දේ

ajith rohana strike Sri lanka battaramulla principle
By Sewvandhi Aug 04, 2021 11:03 AM GMT
Sewvandhi

Sewvandhi

Report

රථ පෙළපාලියකින් ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ උද්ඝෝෂණයේ නිරතවූ 42ක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ නිරතවූ පිරිසකට විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා රටේ පවතින වාතාවරණය හේතුවෙන් මෙලෙස උද්ඝෝෂණ නොකරන ලෙසට දැනුම්දීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

කෙසේවෙතත් එම දැනුම්දීමට උද්ඝෝෂකයින් යහපත් ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් තවත් පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඔවුන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.

කාන්තාවන් 16 දෙනෙකු සහ පිරිමි 26 දෙනෙකු අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව සඳහන්. ඔවුන් පැමිණී වාහන 10ක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් පිරිසගෙන් ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ. අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

අයුතු අවහිරය, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වීම, ජාතික මංමාවත් පනත යටතේ ප්‍රධාන මාර්ගයක් අවහිර කිරීම සහ ක්‍රියාත්මක වන නිරෝධායන නීති රීතින් උල්ලංඝණය කිරීම යන චෝදනා යටතේ ඔවුන් අධිකරණයට ඉදිරිපත් කෙරෙනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha