ගුරු පොකුරෙන් සිදුවූ මහා විනාශය - නොසිතූ ලෙස කණගාටු සිදුවම් රැසක්

Corona virus Covid 19 Education
By Sithumi Aug 29, 2021 10:39 AM GMT
Sithumi

Sithumi

Report

කොවිඩ් රෝගයට ගොදුරු වීමෙන් මේ වන විට පාසල් ගුරුවරු 25 කට අධික සංඛ්‍යාවක් මියගොස් ඇති බවත්, මියගිය ඒ සියලු දෙනා පසුගියදා පැවැති ගුරු උද්ඝෝෂණවලට සහභාගි වූ අය බවත් වගකීමෙන් ප්‍රකාශ කළ හැකි බව පොදු ජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනි වසන්තා හඳපාන්ගොඩ හෙළි කළාය.

ඇය වැඩිදුරටත් පවසා සිටියේ මෙම මියගිය ගුරුවරු ලංකාවේ සියලු පළාත්වලට අයත් අය බවත්, ඒ අතර ආණමඩුව, හලාවත, අනුරාධපුර, පුත්තලම, නුවරඑළිය, වලපනේ මෙන්ම අම්පාර පළාත් වලින්ද ගුරු මරණ වාර්තා වූ බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ පොදු ජන අධ්‍යාපන සේවා සංගමයේ සභාපතිනිය සඳහන් කළේ මේ වන විටත් ගුරු උද්ඝෝෂණවලට සහභාගි වූ ගුරුවරු අතරින් 400 කට ආසන්න ගුරු පිරිසක් කොවිඩ් ආසාදනයට ලක්ව ඇති බවත් ඇතැම් පාසල්වල ගුරු කාර්ය මණ්ඩලයම ආසාදනයට ලක් වූ පුවත්ද වාර්තා වී ඇති බවයි.

හලාවත ජෝෂප් වාස් විදුහලේ ගුරුවරයකුද පසුගියදා මරණයට පත්ව ඇති අතර එම ගුරුවරයා අවසන් මොහොත දක්වාම ගුරු උද්ඝෝෂණවලට සම්බන්ධව සිටි අයකු බව ඔහුගේ බිරිඳ පවසා ඇති අතර මෙම ගුරුවරයා කොවිඩ් නිව්මෝනියා තත්ත්වයෙන් මියගිය බවට මරණ පරික්ෂණ වාර්තා සඳහන් කර තිබියදී මෙම ගුරු සංගම් නියෝජිතයන් එම මරණ වෙනත් හේතු නිසා මියගිය පවසා සිටීම විමතියට ලක්වන කරුණක් බවද ඇය පැවැසුවාය.

මේ වන විට මාස දෙකකට ආසන්න කාලයක සිට ලංකාවේ ජාතික පාසල් 373 ක හා පළාත් පාසල් 9,782 ක පාසල් සිසුන් 4,063,68කට පමණ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු පවා ඇණ හිට ඇත. මේ සියලු අධ්‍යාපන කටයුතු සිදුවූයේ පාසල් ගුරුවරු 249,494 ක් අතිනි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now