ගුරු විදුහල්පති රථ පෙළපාලිය ජනාධිපති කාර්යාලය වටලන්න යයි...

Colombo President secretory office Teacher picketing Principal picketing
By Aruna Aug 04, 2021 09:09 AM GMT
Aruna

Aruna

Report

ගුරු - විදුහල්පති විරෝධතා රථ පෙළපාලිය ජනාධිපති කාර්යාලය අසළට මේ වන විට ළඟා වී තිබෙනවා.

මේ හේතුවෙන් ගාලුමුවදොර මාර්ගය ඇතුළු අවට මාර්ගවල රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.

සිය වැටුප් විෂමතා ගැටළුවට කඩිනමින් විසදුමක් ලබාදෙන ලෙස ඉල්ලා ඔවුන් අද පෙරවරුවේ මෙම විරෝධතා රථ පෙළපාලිය ආරම්භ කළේ වැලිසර, කඩවත, කොට්ටාව සහ මොරටුව - කොරලවැල්ල ප්‍රදේශවලින්.

රථ පෙළපාලියෙන් ජනාධිපති කාර්යාලය අසළට පැමිණි ගුරු - විදුහල්පති වෘත්තීය සමිතිවල නියෝජිතයින් සහ ජනාධිපති කාර්යාලයේ නියෝජිතයින් පිරිසක් අතර සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha