නේපාලයේ ගුරුවරුන් වර්ජනයක.

By Hashini Sep 23, 2023 05:35 AM GMT
Report

නේපාලයේ පාසල් ගුරුවරුන් විසින් දැවැන්ත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබෙනවා.

වැඩවර්ජනය හේතුවෙන් එරට පාසල් ළමුන් දහස් ගණනක් පීඩාවට පත් ව ඇති බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍යය වාර්තා කර ඇත්තේ අඛණ්ඩ ව තෙවැනි දිනටත් පැවැත්වෙන වැඩවර්ජනය හේතුවෙන් රට පුරා රජයේ පාසල් වසා දැමීමට සිදු ව ඇති බවයි.

මෙම ගුරු වර්ජනය ක්‍රියාත්මක කර ඇත්තේ නේපාල පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනත් කෙටුම්පතකට විරෝධය පළ කරමිනි.

වර්ජනය සඳහා ගුරුවරුන් ලක්ෂයකට අධික පිරිසක් එක් ව තිබෙනවා.

ඔවුන් විසින් ඊයේ (22) එරට පාර්ලිමේන්තු ගොඩනැඟිල්ල වෙත විරෝධතා පාගමනක් ද සංවිධානය කර තිබූ බව විදෙස් මාධ්‍යය වාර්තා කරනවා.