ගුරු-විදුහල්පතිවරුන්ට සුබ ආරංචියක්..මේ මාසෙ සිට ලැබෙන්න යන දේ මෙන්න.

Sri Lanka Education Teacher Ramesh pathirana Principle
By Aruna Sep 07, 2021 07:16 AM GMT
Aruna

Aruna

Report

රජය ලබාදී ඇති විසඳුම පිළිගෙන ගුරු - විදුහල්පතිවරු නැවත සේවයට වාර්තා කරනු ඇතැයි විශ්වාස කරන බව අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ යෝජනා කළ අන්තර් දීමනාව මෙම මාසයේ වැටුප සමග ඔවුන්ට ලැබෙනු ඇති බවය.

"ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් රජයේ විසඳුම් යෝජනාවලිය ප්‍රකාශයට පත්කළා.

එහිදී රජයට වර්තමාන ආර්ථික තත්ත්වය හා මූල්‍ය තත්ත්වය යටතේ ලබාදිය හැකි වැටුප් වර්ධක පිළිබඳව ඉතාම පැහැදිලිව ප්‍රකාශයට පත්කළා.

එහිදී ගුරු සේවයේ සහ විදුහල්පති සේවයේ විවිධ ස්ථර සඳහා 17% සිට 26% දක්වා මූලික වැටුපේ වැඩිවීමක් සිදුවෙන බව සියලු දෙනාම දන්නා කාරණයක්.

සංගම්වලින් ඒක එක් වතාවකදී ලබාදෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබුණා.

නමුත් පවතින මූල්‍ය තත්ත්වය නිසා ඒ සම්බන්ධයෙන් අවස්ථා 3කදී පමණ මේක ලබාදීමට හැකියාව තිබෙන්නේ කියලා අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් රජය දිගටම කටයුතු කරගෙන යනවා.

අදාළ නිශ්චිත යෝජනාව 2022 වසර සඳහා වන නොවැම්බර් අයවැය ලේඛනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේදී මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරනු ඇති.

එතෙක් තමයි අන්තර්ජාලය හරහා ඉගැන්වීම් ඇතුළු ඔවුන් කරන කටයුතු වෙනුවෙන් සහනයක් හැටියටත් දිරි දීමනාවක් හැටියටත් තමයි අන්තර් දීමනාවක් හැටියට මාසෙකට රුපියල් 5,000ක් ලබාදෙන්න යෝජනා කළේ.

ඒක මේ මාසේ වැටුපට ඔවුන්ට ලැබෙනු ඇති. රජයට හැකි උපරිමයෙන් මේ කටයුතු කරනවා.

ඒක පිළිගෙන සෑම ගුරුවරයෙකු විදුහල්පතිවරයෙකුම නැවත සේවයට වාර්තා කරයි කියලා අපි විශ්වාස කරනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha