හොඳයි හොඳයි කිව්ව ආණ්ඩුව IMF ටත් තරු පෙන්නලා බලේට ආපු ටිකට රුපියල් බිලියන 1,225ක් අච්චු ගහලා, බිලියන 905කින් ණය වැඩි කරලා - රජිත්
ජාතික ජනබලවේග රජය බලයට පත්වීමෙන් අනතුරුව රුපියල් බිලියන 1,225.9ක් (ට්‍රිලියන 1.22) මුදල් අච්චු ගසා ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය ප්‍රකාශ කරයි.
එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය බරද රුපියල් බිලියන 905කින් ඉහළ ගොස් ඇති බවද සඳහන් කර ඇත.
ඒ අනුව ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත් කළ නිවේදනයක් මත, මුදල් අච්චු ගැසීම, විදේශ සංචිත පහත වැටීම සහ දේශීය ණය ප්‍රමාණය ඉහළ යාම නිසා වසරේ ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම අභියෝගයක් බවට පත්ව තිබෙනවා.
එසේම මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කළ නිවේදනයේ දක්වා ඇත්තේ 2024 ඔක්තෝබර් සිට 2025 ජූනි දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 1225.9 ක මුදල අච්චු ගසා ඇති බවයි.
ඒ අනුව ඔහු දක්වන්නේ මෙය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති එකඟතා කඩ කිරීමක් වන අතර, රට නැවත වරක් ආර්ථික අර්බුදයක් කරා යොමු වීමේ ආරම්භය විය හැකි බවයි.
එමෙන්ම නව රජය බලයට පත්වීමෙන් අනතුරුව රටේ සමස්ත ණය ප්‍රමාණය රුපියල් බිලියන 905.74කින් ඉහළ ගොස් තිබෙනවා.
එයට ප්‍රධානතම හේතුව නම් දේශීය ණය ප්‍රමාණය රුපියල් බිලියන 17,595.05ක සිට රුපියල් බිලියන 18,629.86 දක්වා ඉහළ යාමයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව හෙළි කරමින් ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිකුත්කළ සම්පූර්ණ නිවේදනයේ දැක්වෙන්නේ,

මම මැරුණේ ආදරේ කරලා එහෙම දේකට නෙවෙයි මට කෙනෙක් කරදරයක් කරා ඒක ඉවසන්න බැරි එකට, දෙයියනේ උපදින කිසිම ආත්මෙක මේ වගේ දෙයක් වෙන්න එපා
" අලුත් ආණ්ඩුව රු. බිලියන 1,225.9 ක් (ට්‍රිලියන 1.22) අච්චු ගහලා රටේ ණය බර රු. බි. 905 කින් ඉහළ නගී !
මුදල් අච්චු ගැසීම, විදේශ සංචිත පහත වැටීම හා දේශීය ණය ප්‍රමාණය ඉහළ යාම වසරේ ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට බලවත් අභියෝගයක් විය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 2024 ඔක්තෝබර් සිට 2025 ජූනි දක්වා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් බිලියන 1225.9 ක් (හෙවත් රු. ට්‍රිලියන 1.2) ක් අච්චු ගසා ඇත. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ වන එකඟතා කඩකරමින් මුදල් අච්චු ගැසීම නැවත වරක් ආර්ථික අර්බුදයක් කරා රට යොමු වීමේ ආරම්භය විය හැකි බව එහි මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වේ. වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව, මේ දක්වා කාලය තුල එක් එක් මාසයේ දී අච්චු ගසා ඇති මුදල හෙවත් ‘පුළුල් මුදල් සැපයුමේ පුළුල්වීම’ (money printing – Broad money (M2b) ප්‍රමාණය පහත දැක්වේ.
(රු.බිලියන)
2024 ඔක්තෝබර් 58.70
නොවැම්බර් 78.30
දෙසැම්බර් 234.80 2025
ජනවාරි 117.40
පෙබරවාරි 104.70
මාර්තු 233.90
අප්‍රේල් 154.20
මැයි 33.60
ජූනි 210.30
අච්චු ගැසූ මුළු මුදල රු. බිලියන 1,225.9 (පුළුල් මුදල් සැපයුමේ පුළුල්වීම (M2b)
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මාර්ගෝපදේශයන්ට පටහැනිව මහ බැංකුව 2025 ජූනි මස පමණක් රු. බිලියන 210.3 (පුළුල්වීම 10.4%) ක් අච්චු ගසා ඇත. 2025 මාර්තු මස රු. බිලියන 233.90 ක් අච්චු ගසා (M2b) ඇති අතර පළමු මාස හය තුල මසක දී අච්චු ගැසූ වැඩිම මුදලයි. ගෝඨාභය පාලන සමයේ දී, අසීමිත මුදල් අච්චු ගැසීම හේතුවෙන් (උදා. 2022 අප්‍රේල් – මැයි පුළුල්වීම 17% -20%) ආර්ථිකයට මහත් විනාශයක් සිදු විය. 2001, රටේ මුල්‍ය අර්බුදයක් ඇති නොවීමට සුදුසු පියවර ගැනීම පාර්ලිමේන්තුවේ හා මහ බැංකුවේ ඒකාබද්ධ වගකීමකි. ණය බර වැඩිවීම පසුගිය සැප්තෑම්බර් ජනාධිපතිවරණයෙන් පසුව නැවත රටේ ණය ක්‍රමිකව නමුත් වේගයෙන් වැඩි වෙමින් ඇත. නව රජය බිහිවන විට රු. බිලියන 17,595.05 ක් වූ ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රමාණය, 2025 අප්‍රේල් වන විට රු. බිලියන 18,629.86 දක්වා එනම්, රු. බි. 1034.81 කින් ඉහළ නැග ඇත. නව රජයේ පාලනය යටතේ රටේ සමස්ත දේශීය හා විදේශීය ණය එකතුව රු. බිලියන 28,574.65 සිට රු.බි. 29,480. 39 දක්වා රු. බිලියන 905.74 ඉහළ ගොස් ඇත. විදේශ ණය ප්‍රමාණය පහත වැටී ඇති නමුත්, දිගින් දිගටම බැඳුම්කර හරහා දේශීය ණය ලබා ගැනීම මෙයට හේතුවයි. පසුගිය අගොස්තු 12 දින මහ බැංකුව ඉදිරිපත් කළ රු. බිලියන 65 ක බැඳුම්කර නිකුතුව අලෙවි වූයේ නැත. 2032 කල් පිරෙන (8% පොලිය) බැඳුම්කරයට එකම ලංසුවක් හෝ නොවීය. දේශීය ණය ලබා ගැනීමේ ප්‍රතිපත්තියට මෙය පැහැදිලි රතු එළියකි. විදේශ සංචිත පහත වැටීම මහ බැංකුවේ නිල දත්ත අනුව, 2025 මාර්තු මස ඩො. මි. 6,531 ක් වූ සංචිත ජූනි මස ඩො.මි. 6,080 ට පහත වැටුණි. ජූලි මස විදේශ සංචිත ඩො.මි. 6,114 කි. Swap (හුවමාරු) හරහා සිදුවන ව්‍යුත්පන්න කොන්ත්‍රාත්තු (derivative contracts) ද ඇතුලත් කරමින් ‘සංචිත’ ප්‍රකාශයට පත් කෙරේ. කෙසේ වුවත්, Swap හුවමාරු අගය ඉවත් කළ විට, 2025 මාර්තු ඩො.මි. 2,799 ක් වූ රටේ ශුද්ධ විදේශ සංචිත ප්‍රමාණය ජූනි මස වන විට ඩො.මි. 2,210 දක්වා අඩුවී ඇත.
2024 දෙසැම්බර් මුළු සංචිත ඩො.මි. 6,122 න්, Swap ඩො.මි. 3,548 ක් වූ අතර, ශුද්ධ සංචිත 2,574 කි. 2025 ජූනි මුළු සංචිත ප්‍රමාණය ඩො.මි. 6,080 න්, චීන සහ වෙනත් Swap ඩො.මි. 3,870 ක් වු අතර, ශුද්ධ සංචිත ඩො.මි. 2,210 කි. ඒ අනුව, 2024 දෙසැම්බර් සිට 2025 ජූනි දක්වා ශුද්ධ විදේශ සංචිත අඩුවීම ඩො.මි. 364 කි. 2021 – 2022 ආර්ථිකය බිඳවැටීමේ පූර්ව ලක්ෂණ මතුවන විට ප්‍රමාණික විෂය දැනුමක් සහිත පිරිස් මුදල් අච්චු ගැසීම, අසීමිත ණය ගැනීම හා විදේශ සංචිත පහත වැටීම ගැන අනතුරු හඟවනු ලැබීය. එම අනතුරු හැඟවීම් නොතකා කරුණු සැඟවීම හා විචාරකයින්ට අවලාද නැගීම 2022 ‘මූල්‍ය බිඳ වැටීම’, දැවැන්ත ආර්ථික බිඳවැටීමක් දක්වා වර්ධනය වූවේය. වසර හතරකට පසු නැවත එවැනිම මුල්‍ය බිඳවැටීමක පෙරමඟ ලකුණු හඳුණාගෙන පිළියම් යෙදීම මහ බැංකුව, භාණ්ඩාගාරය, මුදල් අමාත්‍යාංශය හා පාර්ලිමේන්තුවේ වගකීමකි. රුපියල් බිලියන 1225.9 මුදල් අච්චු ගැසීම, ඩො.මි. 364 කින් විදේශ සංචිත පහත වැටීම හා රු. බිලියන 905.74 කින් රටේ ණය ප්‍රමාණය ඉහළ යාම හේතුවෙන් රටේ ආර්ථික වර්ධන වේගය පහත වැටීම අනිවාර්ය වනු ඇත. එය දිගු කාලීන අහිතකර බලපෑම් ඇති කරන තත්වයකි."