සුබම සුබ ආරංචියක්.. වැටුපට 5000ක් එකතු වෙයි...වැටුපත් වැඩි කරයි.

Sri Lanka Education School Teacher Principle
By Aruna Aug 31, 2021 01:57 AM GMT
Aruna

Aruna

Report

ගුරු විදුහල්පති වැටුප් විශමතා ගැටලුවට ඉදිරි අයවැය මගින් විසදුම් ලබාදෙන තුරු රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

මේ අතර අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මගින් යෝජනා කර ඇති පරිදි ගුරු-විදුහල්පති වැටුප් ඉහළ දැමීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ඊයේ ලබා දුන්නා.

එම යෝජනාව එළඹෙන අයවැයෙන් අනතුරුව පියවර කිහිපයකින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

වැටුප් විෂමතාවට එරෙහිව ඔන්ලයින් ඉගැන්වීම්වලින් ඉවත්ව ගුරු-විදුහල්පතිවරු ආරම්භ කළ වර්ජනයට අදට දින 50ක් ගතවේ.

ගැටලුවට විසඳුමක් නොමැති පසුබිමක ගුරු-විදුහල්පති සංගම් සමග සාකච්ඡා කර රජයට යෝජනා ඉදිරිපත් කිරීමට පසුගිය 09වනදා කැබිනට් අනුකමිටුවක් පත්කෙරුණි.

කෙසේවෙතත් අවස්ථා ගණනාවකදී කැබිනට් අනුකමිටුව ගුරු සංගම් සමග සාකච්ඡා කළ අතර අනතුරුව එම යෝජනා පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරනු ලැබීය.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha