මල් කැකුළ මරාගත්තා.. මෙහෙමත් වෛද්‍යවරු මාස 14 සිගිත්තට ප්‍රතිකාර කරන්න බෑ කියලා

Report

වතු පාලන අධිකාරියේ අවිධිමත් පාලනය හේතුවෙන් මාස 14ක් වයසැති සිගිත්තෙකු මිය ගිය බවට චෝදනා කරමින් හැටන් ෂැනන් වතුයායේ වතු කම්කරුවන් පිරිසක් මිය ගිය සිගිත්තාගේ සිරුර වතුයායට පිවිසෙන මාර්ගයේ තබා විරෝධතාවයක නියැලිය. මෙසේ මිය ගොස් ඇත්තේ හැටන් ෂැනන් වතුයායේ පදිංචි ලිවස්කර් ඩික්ශන් නැමති මාස 14ක් වයසැති සිගිත්තෙකුය.

බස් වල යනවද ? ආයේ මේ දේ අනිවාර්යයි

බස් වල යනවද ? ආයේ මේ දේ අනිවාර්යයි

(15) දින රාත්‍රි 9:00ට පමණ සිගිත්තා හදිසියේ රෝගාතුර වූ බවත්, පසුව එම සිගිත්තාව වතු රෝහලට රැගෙන ගිය අවස්ථාවේ වතු වෛද්‍යවරයා එහි නොසිටි නිසා රෝගී වු සිගිත්තාව දික්ඔය මූලික රෝහල වෙත රැගෙන යාමට වතුයායේ ලොරි රථය රැගෙන යාමට උත්සහ කලද එහි රියදුරු නොසිටි නිසා පසුව පෞද්ගලික වාහනයකින් දික්ඔය මූලික රෝහල වෙත දරුවා රැගෙන ගිය බවත්, එසේ යන අතර තුර හැටන් නගරයේ පිහිටි පෞද්ගලික රෝහලක වෛද්‍යවරයෙකුට දරුවා පෙන්නූ බවත්, එහිදි එම රෝහලේ වෛද්‍යවරයා දරුවාට ප්‍රතිකාර ලබා දීම ප්‍රතික්ෂේප කල නිසා යලිත්, දරුවා දික්ඔය මූලික රෝහලවෙත රැගෙන ගිය අවස්ථාවේ එහි වෛද්‍යවරුන් දරුවා පරික්ෂාකර බලා දරුවා මිය ගොස් ඇති බව පැවසූ බවයි විරොධතිවයේ නියැලුනු දරුවාගේ දෙමව්පියන් සහ වතුයායේ වතු කම්කරුවන් කියා සිටියේ.

ටෙහෙරාන් අගනුවරින් ඉවත් වන්න - ට්‍රම්ප් දැනුම් දෙයි

ටෙහෙරාන් අගනුවරින් ඉවත් වන්න - ට්‍රම්ප් දැනුම් දෙයි

තම වතුයායේ සේවය කරන වතු කම්කරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් සහ අනෙකුත් යටිතල පහසුකම් ලබා දීමට තම වතුයායේ පාලන අධිකාරිය ක්‍රියා නොකරන බවද උද්ගෝෂණයේ නිරත වතුකම්කරුවන් කියා සිටියේ.

සජිත්ගෙන් සැර ප්‍රකාශයක් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා

සජිත්ගෙන් සැර ප්‍රකාශයක් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වෙලා

වතුකම්කරුවන් නගන චෝදනා සම්බන්ධයෙන් අප වතුපාලන අධිකාරියෙන් කරුණු විමසීමට උත්සහ කලත් එය ව්‍යාර්ථ විය. මිය ගිය දරුවාගේ පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍යවරයා විසින් සිදු කර ඇති අතර, එහිදි දරුවාට කිරි උගුරේ සිර වීමෙන් හුස්ම ගැනීමට නොහැකිව මිය ගොස් ඇති බව තීරණය කර ඇත. 

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්

ලෙබනනයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්