ලෙබනනයේ සිටින ශ්රී ලාංකිකයින්ට විශේෂ දැනුම්දීමක්
ඉරානය සහ ඊශ්රායලය අතර පවතින යුද්ධමය තත්ත්වය හේතුවෙන් ලෙබනනයේ වෙසෙන ශ්රී ලාංකිකයින් වෙත ලෙබනන්හි ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
පවතින යුද්ධමය තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් යුතුව සුපරීක්ෂාකාරී ලෙස කටයුතු කරන ලෙස ශ්රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලා සිටී.
කණ්ඩායම් බහුලව ගැවසෙන ස්ථානවලට යාම, රාත්රී කාලයේ ගමන් බිමන් යාම, උත්සව අවස්ථාවලට සහභාගී වීම සහ දුරගමන් ගමන් තාවකාලිකව අත්හිටුවන ලෙස තානාපති කාර්යාලය දැනුම් දී ඇත.
එළිමහන් ස්ථානවල ගැවසෙන විට තම ලෙබනන් හැඳුනුම්පත හෝ ගමන් බලපත්රයේ ඡායාපිටපතක් අතැතිව තබා ගන්නා ලෙසද ලෙබනන්හි ශ්රී ලංකා තානාපති කාර්යාලය ශ්රී ලාංකිකයින්ට උපදෙස් දී ඇත.
