බද්ධ වැඩි කිරීමෙන් වැඩි බරක් පැටවෙන පිරිස මෙන්න..

Government Employee Sri Lanka
By Aruna Jun 01, 2022 06:15 AM GMT
Aruna

Aruna

Report

වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට යෝජනා කර ඇති වැට් බද්දෙන් සහ විදුලි සන්දේශ බද්දෙන් වැඩි බදු බරක් පැටවෙන්නේ පහළ ආදායම් ලාභීන්ට බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා.

එම පිරිසේ ආදායමේ ප්‍රතිශතය අනුව බදු බරෙහි වැඩි ප්‍රමාණයක් අඩු ආදායම්ලාභීන්ට ගෙවීමට සිදුවනු ඇති බවයි කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පවසන්නේ.

භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් මෙම බදු වැඩිකිරීම හරහා උද්ධමනය ද තවදුරටත් ඉහළ යනු ඇති බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

කෙසේවෙතත් පවතින ගැටළුකාරී තත්ත්වයන් කිහිපයට මෙම බදු වැඩි කිරීම ධනාත්මක ලෙස බලපෑම් එල්ල කරනු ඇති බවයි ආචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද සියයට 08 සිට 12 දක්වාත්, සියයට 11 යි දශම 05 ක් වන විදුලි සංදේශ බද්ද, සියයට 15 දක්වාත් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩි කිරීමට මේවනවිට යෝජනා වී තිබෙනවා.

රාජ්‍ය අදායම වැඩිකර ගැනීම මඟින් ශක්තිමත් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවක් ඇති කර ගැනීම සඳහා අත්‍යාවශ්‍ය බදු ප්‍රතිසංස්කරණ යෝජනා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

එමගින් මෙම වසර තුළ ඇස්තමේන්තු ගත අමතර ආදායම රුපියල් බිලියන 94ක්.

ඊට අමතරව අදායම් බද්ද, රඳවා ගැනීමේ බදු සංස්ථාපිත අදායම් බද්ද, ඇතුළු බදු වර්ග ගණනාවක් ඔක්තෝම්බර් මස පළමු වනදා සිට ක්‍රියාත්මක කිරීමටයි යෝජනා කර ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now