විදේශගත ශ්‍රමිකයින්ට විශේෂ බදු සහනයක්..ලැබෙන විදිය මෙන්න..
විදේශගත ශ්‍රමිකයන් මෙරටට එවන මුදල් ප්‍රමාණය මත ගුවන්තොටුපොළේදී ලබාගත හැකි තීරුබදු සහන ඉහළ දැමීමේ තීරණය මැයි 1 සිට ක්‍රියාත්මක වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර ඊයේ (මාර්තු 3) ප්‍රකාශ කළා.
වසරක කාලයක් තුළ ඩොලර් 2400ට වැඩියෙන් මුදල් එවා ඇති විදේශගත ශ්‍රමිකයන්ට කාණ්ඩ පහක් යටතේ මෙම අතිරේක තීරුබදු සහනය ලබාදෙන බව ද ඇමතිවරයා සඳහන් කළේ ය.
ඒ අනුව ඩොලර් 2,400ත්, 4,799ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයන්ට ඩොලර් 600ක ද, ඩොලර් 4,800ත් ඩොලර් 7,199ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයන්ට ඩොලර් 960ක ද අතිරේක තීරුබදු සහනයක් ලබා දෙන බව හෙතෙම ප්‍රකාශ කළේ ය.
මීට අමතරව, ඩොලර් 7,200ත් ඩොලර් 11,999ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයන්ට ඩොලර් 1,440ක ද, ඩොලර් 12,000ත් ඩොලර් 23,999ත් අතර මුදලක් එවා ඇති ශ්‍රමිකයන්ට ඩොලර් 2,400ක ද, ඩොලර් 24,000 හෝ ඊට වැඩි මුදලක් එවා ඇති ශ්‍රමිකයන්ට ඩොලර් 4,800ක අතිරේක තීරුබදු සහනයක් ලබා ගැනීමේ හැකියාව තිබෙන බව ද නානායක්කාර මහතා කීවේ ය.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කළා.
වසරක කාලයක් තුළ අදාළ මුදල් රටට එවා ඇති ඕනෑම අයෙකුට මෙම සහනය ලබා ගැනීමේ අවස්ථාව විවෘතව පවතින බව පැවසූ ඇමතිවරයා, 2022 මැයි පළමු වන දා සිට නීත්‍යනුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවූ ශ්‍රමිකයන්ට මෙම සහනය ලබා ගැනීමේ හැකියාව පවතින බව ප්‍රකාශ කළේ ය.
මෙම තීරුබදු සහන ඉහළ නැංවීම අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද හෙතෙම වැඩි දුරටත් කියා සිටියා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |