තීරු බදු නිසා ලෝක කොටස් වෙළඳපොළට දැඩි බලපෑම්

By Akash Apr 04, 2025 05:25 AM GMT
Report

ගෝලීය කොටස් වෙළඳපොලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන්නේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තීරු බදු ඉහල නැංවීමත් සමගයි.

ඊයේ දිනයේ ඇමෙරිකානු කොටස් වෙළඳපොල කැපී පෙනෙන ලෙස පහත වැටුණු අතරම එලෙස එරට කොටස් වෙළදපොල වැඩිම අගයකින් පහතට වැටුනේ කොවිඩ් අර්බුදයෙන් පසු පළමු වරට වීමද විශේෂත්වයකි.

කොටස් වෙළඳපොළ පහළ වැටුනේ ට්‍රම්ප් හින්දද?

කොටස් වෙළඳපොළ පහළ වැටුනේ ට්‍රම්ප් හින්දද?

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම පහත වැටීම ඩොලර් ට්‍රිලියන 2කට වැඩි අගයක් ලෙස සදහන් වන අතරම නයිකි වැනි ජාත්‍යන්තර වෙළඳ සන්නාමයන් පය 24ක් තුල 14.5%කින් කොටස් මිල පහල ගිය බවයි.

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිලද ඊයේ දිනයේ 7%කින් පමණ පහත වැටීමක් සිදු වුණා.