තංගල්ලේ වැවක් ඉස්මත්තේ සෙල්ලම් දැම්ම චන්ඩි කවුද?.

Police spokesman Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By krishani Sep 24, 2023 01:06 PM GMT
krishani

krishani

Report

මේ දිනවල සමාජ මාධ්‍ය තුළ, තංගල්ල ප්‍රදේශයේ වැවක් ආසන්නයේ දී පිරිසක් විසින් තරුණයකුට අමානුෂිකව පහර දෙන වීඩියෝවක් සංසරණය වේ.

පොලිසිය සඳහන් කළේ මෙලෙස පහරදීම් සිදු කර එම දර්ශන වීඩියෝගත කළ පුද්ගලයින් නීතියේ රැහැනින් පලා යන තත්ත්වයක් අද වන විට දක්නට ලැබෙන බවයි.

තංගල්ලේ දී මෙම පහර දීම සිදු කර ඇත්තේ පසුගිය 14 වන දා වේ.

එම පහර දීම ගැන පැමිණිල්ල පොලිසියට ලැබුණේ ඊයේ (23) දින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

මෙම පහර දීම සිදු කළ පුද්ගලයින් වයස අවුරුදු 17 සහ 15 අය වන අතර අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර ඇත.

කෙසේ වෙතත්, මෙම පහර දීමට සම්බන්ධ සැකකරුවන් මේ වන විට සිය නිවෙස්වලින් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

ReeCha