ක්‍රිකට් රසිකයින් ආසාවෙන් බලා හිටිය දෙයකට අවස්ථාව - බලන්නකෝ මොකක්ද කියලා.. (PHOTOS)
Cricket
International Cricket Council
Sports
Latest Headlines
By krishani
ලබන ජුනි මස පළමුවනදා ආරම්භ වන පන්දුවාර විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා ප්‍රවේශ පත්‍ර මිල දී ගැනීමට මේ වන විට අවස්ථාව පවති.
ඒ බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කළේ ය.
මෙවර 20-20 ලෝක කුසලානය පැවැත් වෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල වේ.
ඇමරිකාවේ පැවැත්වෙන තරඟ නැරඹීමට සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම මේ වනවිට ආරම්භ වී නොමැති බව වාර්තා වේ.
නමුත් බටහිර ඉන්දිය කොදෙව් දූපත්හි පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර මේ වනවිට මිල දී ගත හැකිය.
කෙසේ වෙතත්, ජුනි මස 29 වනදා දක්වා පැවත්වෙන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය ජුනි මස 03 වනදා දකුණු අප්‍රිකාව සමග පැවැත් වේ.
මේ අතර, ලෝක කුසලානයේ ශූරයින්ට පිරිනමනු ලබන කුසලානය එළිදැක්වීම සහ එය ලොව වටා රැගෙන යෑම ඇමෙරිකාවේදී ඊයේ ආරම්භ විය.
