වසර 1,300 ක් පුරාවට ගලක සිරවී තිබූ අභිරහස් පුරාවෘත්ත ප්‍රංශ කඩුව අතුරුදහන් වේ..
By Piyumika
ප්‍රංශ නගරයක ගල් බිත්ති විවරයක සිර කළ ඓතිහාසික වටිනාකමකින් යුත් පුරාණ අසිපතක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය පවසා සිටී.
මෙම අසිපත වසර 1,300 ක් තිස්සේ ගල් බිත්තියේ සිරවී තිබුණි.
එය ඉතාමත් මුවහත් බව පැවැසිණි.
අසිපත රඳවා ඇත්තේ අඩි 100 ක් පමණ ඉහළිනි. ‘ඩුරන්ඩල්’ අසිපත යනුවෙන් හැඳින්වෙන මෙය මැජික් අසිපතක් බවත්, ආතර් රජුගේ ‘එස්කැලිබර්’ මැජික් අසිපත සිහිගන්වන, ප්‍රංශ සාහිත්‍යයේ සඳහන් අසිපතක් බව ද පැවැසේ .
11 වැනි සියවසේ රචනා කළ කවියක ද මෙම ‘ඩුරන්ඩල්’ අසිපත ගැන සඳහන් වෙයි.