වළගම්බා රජ සමයට අයත්, නිධානයකින් හොයාගත් කඩුව විකුණද්දී අල්ලයි..(PHOTOS)

Sri Lanka Police Sri Lanka
By Sewvandhi Dec 22, 2022 08:11 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සමනලවැව පඹහින්න ප්‍රදේශයේ දී ඊයේ (21) රාත්‍රියේ පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය මගින්,මහියංගන රක්ෂිතයේ තිබු නිධානයකින් ලබාගත් බව කියන පුරාවිද්‍යා වටිනාකමකින් යුත් කඩුවක් රුපියල් ලක්ෂ 40 කට අලෙවි කිරීමට තැත්කළ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සති 3ට ඉහත දී මහියංගනය රක්ෂියේ නිධානයකින් මෙම කඩුව ලබාගෙන ඇති බවට තොරතුරු හෙළි කරගෙන ඇත.

වළගම්බා රජ සමයට අයත් බව කියන පුරාවිද්‍යා වටිනාකමකින් යුත් මෙම කඩුව ලක්ෂ 60 ක මුදලකට කිරීමට සූදානම් කර ඇති බවට පානදුර වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය ට ලද තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් උපාය දූතයන් වශයෙන් යොදා මෙම වැටලීම සිදුකර ඇත. 

 රුපියල් ලක්ෂ 60 ට අලෙවි කිරීමට තහනම් කර තිබූ මෙම කඩුව සැකකරුවන් රුපියල් 40 කට ලබා දීමට කැමැත්ත පළ කර ඇති අතර පොලිස් උපාය දූතයන් ඊයේ රාත්‍රියේ පොලිස් නිලධාරීන් පඹහින්න ප්‍රදේශයට කැඳවාගෙන විත් ගනුදෙනුව සිදු කරන අතරතුර මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත. සැකකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


Gallery
ReeCha