අමෙරිකාවට වුන වැඩේ - ස්විට්සර්ලන්තයට ඉහළින් පියාසර කරන්න ඉල්ලූ අමෙරිකානු හමුදාවේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි
අමෙරිකානු හමුදා භට නිල ගුවන් යානා දෙකක් ස්විට්සර්ලන්තයට ඉහළින් පියාසාර කිරීමට කර තිබූ ඉල්ලීම එරට විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එරට විසින් මෙම ප්‍රතික්ෂේප කිරීම් සිදුකර ඇත්තේ ස්විට්සර්ලන්තයේ මධ්‍යස්ථභාවය පිළිබඳ නීති උපුටා දක්වමිනි.
කෙසේ වෙතත් ගුවන් යානා දෙකක් සඳහා ස්විට්සර්ලන්ත ගුවන් සීමාව විවෘත නොකර නැත ඒ වගේම තවත් යානා 3ක් සඳහා ගුවන් කලාපය විවෘත කිරීමටද එරට රජය තීරණය කර තිබේ.
නඩත්තු ගුවන් යානා සහ ප්‍රවාහන ගුවන් යානා සඳහා වූ ගුවන් ගමන් සඳහා සිය අවසරය ලබා දුන් බව මේ සම්බන්ධව නිවේදනය කරමින් ස්විට්සර්ලන්ත රජය ප්‍රකාශ කර තිබේ.