තවත් වෛරසයක් හිටිහැටියේම මතු වෙයි - පළමු වරට ආසාදනය වුණ පුද්ගලයෙක් හමු වෙලා..
By krishani
නව සුකර උණ වෛරස ප්‍රභේදයක් පිළිබඳව එක්සත් රාජධානියෙන් වාර්තා වේ.
එය ආසාදනය වූ පුද්ගලයෙක්ව පළමු වරට එරටින් හමු වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළේ ය.
AH1N2 නම් මෙම වෛරස ප්‍රභේදය එම පුද්ගලයාට ආසාදනය වී තිබෙනවා.
කෙසේ වෙතත්, එරට සෞඛ්‍ය අංශ සඳහන් කළේ, උතුරු යෝක්ෂයර් පළාතේ සිදුකළ සාමාන්‍ය සෞඛ්‍ය පරීක්ෂාවක දී අදාළ පුද්ගලයා හමුව ඇති බවයි.
මේ අතර, මේ වසරේ ගත වූ මාස 10 තුළ මෙරටින් ලාඳුරු රෝගීන් 1250 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙයි.
ඒ අතර වයස අවුරුදු 14 ට අඩු ළමුන් 131 දෙනෙකු වන බව ලාඳුරු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා සඳහන් කළේ ය.
වැඩිදුර තොරතුරු පහතින්,
