බලයට පත්ව පැය 12කින් ඉල්ලා අස් වූ අරුම පුදුම රාජ්‍ය සේවිකාව

PRIME MINISTER BUDGET SWEDEN MAGDALIENA ANDERSON
By Sewvandhi Nov 25, 2021 03:41 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මැග්ඩලීනා ඇන්ඩර්සන්, ස්වීඩනයේ පළමු අග්‍රාමාත්‍යවරිය බවට පත්ව පැය කිහිපයකට පසු ඉල්ලා අස්වී තිබෙනවා. ඒ, සභාග ආණ්ඩුව යටතේ ඉදිරිපත් කළ අය – වැය යෝජනාව පරාජයට පත්වීමත් සමඟයි.

අන්ත දක්ෂිණාංශ නියෝජිතයින් සමඟ පළමු වරට ඉදිරිපත් කළ අය වැය යෝජනාව පිළිගත නොහැකි බව ඇය පිහිටවූ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සඳහන් කළා. කතානායකවරයාට ඉල්ලා අස්වීම භාරදීමෙන් අනතුරුව ඇය සඳහන් කළේ තනි පක්ෂයකින් ආණ්ඩුවක් පිහිටුවා ඉදිරියේදී යළි බලයට පත්වන බවයි.

ඒ අනූව ස්වීඩනයට පත්වූ පළමු අග්‍රාමාත්‍යවරිය වන මැග්ඩලීනා ඇන්ඩර්සන්, එම ධුරයේ රැඳී සිටියේ පැය 12 කටත් අඩු කාලයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.

--------------------------------------------

පොලිසියෙන් විශේෂ දැනුම් දීමක්.-:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW