පෝද්දල කැළඹූ වක්වැල්ල පාලම අසල ඛේදවාචකය- ගිං ගඟේ මළ සිරුරක්
පෝද්දල පොලිස් වසමේ වක්වැල්ල පාලම අසල ගිං ගඟේ පිරිමි මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ඊයේ (23) දින පෝද්දල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබේ.
මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැත මෙය සැකසහිත මරණයක් වන බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ
මෘත ශරීරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කරාපිටිය රෝහලට රැගෙන යාමට නියමිතය
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෝද්දල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි