නැවතී තිබු ඉන්දු - ලංකා නෞකා සේවය ආරම්භ වෙයි

India Weather Sinhala news
By Hashini Jun 19, 2025 09:16 AM GMT
Hashini

Hashini

Report

අයහපත් කාලගුණය හේතුවෙන් නවතා තිබූ කන්කසන්තුරේ සිට තමිල්නාඩුවේ නාගෙයි අතර යාත්‍රා කළ මගී ප්‍රවාහන නෞකාව නැවතත් සිය ප්‍රවාහන කටයුතු ඊයේ (18) ආරම්භ කර තිබෙනවා.

අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය 13 වනදා සිට මගී ප්‍රවාහන නවතා දමා තිබුණි.

අදත් රිය අනතුරක් - වෛද්‍යවරයෙක් මරුට

අදත් රිය අනතුරක් - වෛද්‍යවරයෙක් මරුට

මෙම මගී ප්‍රවාහන කටයුතු 2023 වසරේ ඔක්තෝබර් මාසයේ සිට සුබම් සමාගමට අයත් සිවගංගෙයි නම් නෞකාව විසින් සෙනසුරාදා දිනය හැර අනෙක් සෑම දිනයකදීම ප්‍රවාහන කටයුතු කර තිබෙනවා.

පසුගිය 13 වනදා තමිල්නාඩුවේ සිට මෙරටට 95 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර 108 කන්කසන්තුරේ සිට තමිල්නාඩුවට ගොස් තිබෙනවා. 

ඉරාන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්

ඉරාන ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දීමක්

ReeCha