නටපු නැටුම් ඉවරයි, කෙහෙළියගෙත් බෙල්ල මුලින් හිර වෙයි - ගෙන්නපු ඖෂධවල මාරාන්තික බැක්ටීරියා
නීතිපති විසින් ගැටලුකාරී වූ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ඖෂධයෙහි මිනිස් සිරුරට අහිතකර මාරාන්තික බැක්ටීරියා වතුර සහ පිළිකා නාශක රිටොප්සිමැප් ඖෂධයේ ලුණු වතුර පමණක් අඩංගු බව දන්වා ඇති බවට වාර්තා වේ.
ඒ අඳාළ නඩුවේ ප්‍රධාන විත්තිකරු වශයෙන් නම් කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට විරුද්ධව නඩුව මාලිගාකන්ද අධිකරණයේ දී විභාගයට ගනිමිනුයි.
මේ සම්බන්ධයෙන් වාර්තා කර ඇත්තේ ජර්මානු රසායනාගාරයකින් බව අධිකරණයට ප්‍රකාශ කර ඇත.
මෙම ජර්මානු රසායනාගාරය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමි රසායනාගාරක් බව සඳහන්.
2022 වසරේ සැප්තැම්බර් මාසයේ 26 වැනිදා අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 182ක් මිල දී ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමත් සමඟ අඳාළ ඖෂධ මෙරටට ගෙන ඒමට කටයුතු කර ඇති බව සඳහන්.