මෙරට මහා කැලෑවක නිධානයක් හාරයි..7ක් අත්අඩංගුවට..ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් තරුවක් පටලයි..

By Sewvandhi Sep 06, 2021 11:01 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හබරණ රක්ෂිත වනාවන්තරයේ නිධානයක් ගොඩ ගැනීම සඳහා කටයුතු කරමින් සිටි පුද්ගලයන් හත් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බලකායේ කන්තලේ බලකා කදවුර ලැබුණු තොරතුරක් මත මෙම වැටලීම කර ඇත.

රජ සමයේ දී මෙම වනාන්තරය වළදමා තිබූ බව කියන මැණික් නිධානයක් ඇති බවට ලද තොරතුරක් මත සැකකරුවන් බෝර දමා ගල් කඩා විශාල වළවල් හාරා නිධන් කොල්ලය සිදු කිරීමේ ප්‍රයත්නයක් දරා ඇත.

මේ සඳහා වන සංරක්ෂණ නිලධාරීන් ගේ සහාය ලැබී ඇතැයි ද තොරතුරු ලැබී ඇත. ජාත්‍යන්තරව ඉතා ප්‍රසිද්ධියට පත්ව සිටින ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකුගේ මස්සිනා යයි හඟවමින් මෙම නිධානය ලබා ගැනීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ තැනැත්තා කටයුතු කර තිබුණි.

එහි ප‍්‍රධානියා විසින් සෙසු පිරිසට සඳහන් කර ඇත්තේ තමන් එම ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයාගේ මස්සිනා ම බැවින් කිසිදු බියකින් තොරව මෙම කටයුත්ත සිදුකරන ලෙසයි.

නමුත් සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ එම පුද්ගලයා අදාළ ක්‍රිකට් ක්‍රීඩකයාගේ කිසිදු අයුරකින් ඥාතියෙකු හෝ සමීපතමයෙකු නොවන බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha