රුසියාවේ රැකියා පොරොන්දුවෙන් රු. කෝටි 5ක් වංචා කළ සැකකරු අල්ලයි

Report

රුසියාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි පහකට වැඩි මුදලක් වංචා කර පලා ගොස් සිටි පුද්ගලයකු අතුරුගිරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුට අධිකරණ කිහිපයකින් වරෙන්තු 88ක් නිකුත්ව තිබූ බව පොලිසිය පවසයි.

සැකකරු තවත් පුද්ගලයකු සමග මොරටුව ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යමින්, රුසියාවේ රැකියා සඳහා පිටත්කර යැවීමේ පොරොන්දුව දෙමින් පුද්ගලයන් රැවටූ බව විමර්ශනවලදී හෙළිවී ඇත. ඔහු 2023 වසරේ රුසියාවට ගොස් මාස කිහිපයකින් නැවත පැමිණ, මෙම වංචාව සිදුකර ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

නුවරඑළියට රාත්‍රී ගමන් එපා - දිස්ත්‍රික් ලේකම්ගෙන් රියදුරන්ට ඉල්ලීමක්

නුවරඑළියට රාත්‍රී ගමන් එපා - දිස්ත්‍රික් ලේකම්ගෙන් රියදුරන්ට ඉල්ලීමක්

සැකකරු අතුරුගිරිය ගජබා මාවත ප්‍රදේශයේ කුලී නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බවත්, ඔහුට මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු 72ක් සහ පානදුර සහ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණවලින් වරෙන්තු 16ක් නිකුත්ව තිබූ බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 56ක් වූ වාද්දුව මාවල මහරැක්ම පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, මෙම වංචාව සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන බවත් අතුරුගිරිය පොලිසිය සඳහන් කළේය.

තිරිංග අක්‍රීය වූ බස්‍ රිය වේල්ලකට අල්ලා මගීන් ගණනාවක් බේරු රියදුරු

තිරිංග අක්‍රීය වූ බස්‍ රිය වේල්ලකට අල්ලා මගීන් ගණනාවක් බේරු රියදුරු

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර

සර්වාංග රෝගවලට තිත තබන සිද්ධාදී වෙද මැදුර