මර්වින් සිල්වාට එරෙහි නඩුවකට දින දෙයි - සාක්ෂිකරුවන් දෙදෙනෙකුටත් සිතාසි

Report

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට විරුද්ධව අල්ලස් කොමිසම ගොනුකර ඇති නඩුව වැඩිදුර සාක්ෂි විභාගය වෙනුවෙන් ජනවාරි මස 19 වන දින කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (12) දින නියම කර ඇත.

අඳාළ නඩුව ගොනු කර ඇත්තේ සිය නිත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 150කට ආසන්න වත්කම් හා දේපොළ අයථා ආකාරයට අත්පත් කර ගත්තේ යැයි චෝදනා මතයි.

එසේම මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවා තිබුණා.

එහිදී විත්තිකාර මර්වින් සිල්වා සඳහා පෙනී සිටින නීතිඥවරයාට අද දින නඩු විභාගයට පෙනී සිටීමට අපහසු බව දැනුම් දුන් අතර, එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා වැඩිදුර සාක්ෂි විභාගය ජනවාරි මස 19 වන දින තෙක් නඩුව කල් තබා ඇත.

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට

ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට

එමෙන්ම එදින සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා නියෝග කර ඇත.

2010 වසරේ සිට 2012 වසර දක්වා කාලසීමාව තුළ සිය නීත්‍යානුකූල ආදායම ඉක්මවා රුපියල් මිලියන 150කට අධික වත්කම් සහ දේපොළ අයථා ආකාරයට අත්පත් කර ගැනීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම මඟින් මෙම නඩුව ගොනුකර තිබෙනවා.

මීට පස්සේ කොළඹ මේවා කරන්න බෑ - හරිනි

මීට පස්සේ කොළඹ මේවා කරන්න බෑ - හරිනි

අශෝක රන්වලගේ අනතුර ගැන පොලිස් විමර්ශන ඇරඹේ - බීලද කියලත් පරීක්ෂණයක්

අශෝක රන්වලගේ අනතුර ගැන පොලිස් විමර්ශන ඇරඹේ - බීලද කියලත් පරීක්ෂණයක්