ඇමතිකමෙන් ඉවත් කල සුසිල් තමා සතු වාහන භාරදී ත්‍රිරෝද රථයේ පිහිටෙන් නිවසට යයි..(VIDEO)

By Sewvandhi Jan 04, 2022 09:51 AM GMT
Report

රාජ්‍ය අමාත්‍යධූරයෙන් ඉවත් කිරීමෙන් අනතුරුව සිය අමාත්‍යාංශයෙන් පිටත පැමිණි හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා ත්‍රීරෝද රථයකින් නිවස බලා පිටව ගියේය.

තමා සතුව තිබු සියලු වාහන හා භාණ්ඩ අමාත්‍යාංශයට භාරදුන් බවත් උසාවියට ගොස් නැවත වාහනයක් ලබාගන්නා බවත් පැවසු ඒ මහතා පැවසීය.

"දැන් මං වාහන ඔක්කෝම භාරදීලා තියෙන්නේ. බඩු භාරදීලා තියෙන්නේ. දැන් මං ත්‍රීවිල් එකෙන් තමා යන්නේ. හැබැයි උසාවි ගිහින් වාහනයක් ගන්නවා. උසාවි ගිහින් ටික දවසක් යද්දි වාහනයක් ගත හැකියි. හොරකම් කරලා ගන්න ඒවා නෙමෙයි නේ. අපි උසාවි ගිහින් වෘත්තියේ යෙදිලා ගන්නවා. සුබ අනාගතයක්"


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now