ඉන්දියාවම සසල කරමින් සුශාන්ත් සිංගේ පවුලේ සාමාජිකයන් 5 දෙනෙකු නොසිතූ මොහොතක අවසන් ගමන් යයි.. (PHOTOS)
INDIA
ACCIDENT
ACTER
SUSHANTH SINGH
By Sewvandhi
ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තරයේ ලබිසරයි දිස්ත්‍රික්කයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් 5 දෙනෙකුම සියදිවි හානිකරගත් බව කියූ සුශාන්ත් සිංගේ ඥාතීන් බවටයි හඳුනා ගෙන ඇත්තේ.
මෙම පිරිස පවුලේ ඥාතියෙකුගේ අවමංගල්‍ය උත්සවයකට ගොස් ආපසු නිවෙස් බලා එන අතරතුරදී මෙම අනතුර සිදුවී තිබෙනවා. ඔවුන් ගමන් ගත් වාහනය ඉදිරියේ ගමන් ගත් කන්ටේනර් රථයක ගැටීමෙනුයි අනතුර සිදුව තිබෙන්නේ.
මිය ගිය පිරිස අතර, සුශාන්ත්ගේ ඥාති සොහොයුරු ලාල්ජිත් සිං, ඔහුගේ පුතුන් වන නේමනි සිං, චන්ද්‍රා සිං, දියණිය බේබි දේවි හා ලේලිය වන අනීතා දේවි ද රියදුරු ප්‍රීතම් කුමාර් ද වුණා. තවත් හතර දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |













