කැබලාන මුහුදේ ’’සර්ෆින්’’ සාජ්ජේ. (PHOTOS)

Sri Lanka
By Wayomi Mar 27, 2023 11:01 AM GMT
Wayomi

Wayomi

Report

ශ්‍රී ලංකාව නැවතත් සංචාරක සීඝ්‍රයෙන් හිස ඔසවමින් සිටින අතර අහංගම කැබලාන මුහුදු තීරයේදී දින දෙකක් පුරා "සර්ෆින්" තරගාවලිය රටවල් 25 ක සහභාගීත්වයෙන් පැවැත්වුණ බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සඳහන් කළා.

ශ්‍රි ලංකාව ද ඇතුළුව රටවල් 25ක් නියෝජනය කරමින් තරග කරුවන් 120ක් සහභාගී වු මෙම තරගයේ කාන්තා අංශයේ ජය දකුණු අප්‍රිකාවේ Nikita Robb දිනාගත් අතර පිලිවෙලින් දෙවන හා තෙවන ස්ථාන බ්‍රසීලයේ Potyar Scheafer විසින් හා ස්වීඩනයේ Felicia Steen විසිනුත් දිනාගත් බව අමාත්‍යවරයා පවසන්නේ.

පිරිමි අංශයේ ජය දකුණු අප්‍රිකාවේ Jacob Mellish විසින් දිනාගත් අතර දෙවන ස්ථානය ශ්‍රි ලංකාවේ Lakshitha Madushan විසිනුත් තෙවන ස්ථානය ඇමරිකා එක්සත් ජනපදයේ Shane Holmes දිනාගෙන තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW 

 

GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery