සලේව හිරේ දැම්මා මදිවට අපිටත් කරදර කරනවා - බිරිඳ මාධ්‍ය ඉදිරියේ කළ ආන්දෝලනාත්මක හෙළිදරව්ව
සුරේස් සලේ මහතාගේ බිරිඳ සහ නීතිඥවරුන් අද පස්වරුවේ අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරිය වෙත පැමිණ තිබුණි
ඒ තමා හා තම දරුවන් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මීට පෙර විස්ද්‍යුත් තැපෑලෙන් සිදු කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙන්ම එය ලිකිතව ඉදිරිපත් කිරීම සදහායි.
ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි
එම පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් ඇය සඳහන් කළේ මෙවන් අදහසක්
'' දරුවො දෙන්න සලේව බලන්න ගිය වෙලාවෙ කව්ද මහත්මයෙක් එයාලව ෆලෝ කරලා තිබුණා , අපි මීට ඉස්සරවෙලත් එයාව දැකලා තියනවා . අපි හිතනවා එයා CID එකේමහත්මයෙක් වෙන්න ඇති කියලා මොකද අපි එයාව දැකලා තියෙන්නේ CID එක ළගදි ,සුරේශ්වත් හිරේට අරගන ඒවගේම මේ අපේ පවුලටත් කරදර කරන එක ඉතාම අසාධාරණයි . ඒකෙන් සහනයක් බලාපොරොත්තුවෙන් බබාලගේ ආරක්ෂාව වෙනුවෙන් මම ආවේ . මම එදාමත් දැනුම් දුන්නා . අද ආවේ ඒ පැමිණිල්ලට මොකද වෙන්නේ බලන්න නිලධාරීන් මේ ගැන නිසි පියවර ගන්නවා කිව්වා . සුරේස් සලේ වෙනුවෙන් ආරක්ෂාවක් අවශ්‍යයි ඉදිරියෙදී ලෝයර්ස්ලා මගින් ක්‍රියාමර්ග ගන්නවා ''