තත්ත්වය දරුණු අතට - ජනතාවට විශේෂ දැනුම්දීමක් - වාන් දොරටු දෙකක් විවෘතයි
By Ashfa
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල කළමනාකරණ අධ්යක්ෂ ඉංජිනේරු එච්.එම්.පී.එස්.ඩී. හේරත් මහතා සඳහන් කළේ දැදුරු ඔය ගංගා ද්රෝණියට මේ වන විට ලැබෙන අධික වර්ෂාපතනය හේතුවෙන්, ජලාශයට ලැබෙන ජල ධාරිතාව පාලනය කිරීම සඳහා දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කර ඇති බවයි.
නිවේදනයට අනුව මෙම වාන් දොරටු විවෘත කිරීමත් සමඟ මේ වන විට තත්පරයට ඝණ අඩි 1,400ක ජල ප්රමාණයක් දැදුරු ඔය වෙත මුදා හැරෙමින් පවතියි.
ඒ අනුව, දැදුරු ඔය ජලාශයේ පහළ ප්රදේශවල සහ අවට ගංගා ඉවුරුවල ජීවත් වන ජනතාවට සහ ඒ හරහා ගමන් කරන පාර්ශ්වයන්ට ජල මට්ටම් පිළිබඳව දැඩි අවධානයෙන් හා විමසිලිමත්ව කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.