අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ගෝඨාභය ගොනුකළ පෙත්සම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක්

Report

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය දුන් තීරණයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම මාර්තු 5 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.

අදාළ පෙත්සම අද (25) මහින්ද සමයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අභියාචනා පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා ලබන මාර්තු 5 වැනිදා කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට අස්වෙන්න කියයි - අධික වරප්‍රසාද සහ වැටුප් ලබාගත් බවට චෝදනා

මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට අස්වෙන්න කියයි - අධික වරප්‍රසාද සහ වැටුප් ලබාගත් බවට චෝදනා

හිටපු අමාත්‍ය වාසුදේව අල්ලස් කොමිසමට එයි

හිටපු අමාත්‍ය වාසුදේව අල්ලස් කොමිසමට එයි

අධික වැසි මැද මධ්‍යම කඳුකරයට භූ චලන අවදානමක් - විශේෂඥයෙකුගෙන් අනතුරු ඇඟවීමක්

අධික වැසි මැද මධ්‍යම කඳුකරයට භූ චලන අවදානමක් - විශේෂඥයෙකුගෙන් අනතුරු ඇඟවීමක්