විරෝධතා රැසක් එල්ල වූ ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායක වෙතට

Report

යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ මතය කථානායකවරයා වෙත දැනුම් දී ඇති බව කථානායක කාර්යාලය අද (10) දින දන්වා ඇති බව සඳහන්.

රජය විසින් ඉකුත් දා ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත ගෙන එනු ලැබූ අතර ඊට පාර්ශ්ව ගණනාවකින් විරෝධය එල්ල වී තිබෙනවා.

එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳහන් කර ඇත්තේ රජය විසින් යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කර ගැනීමේ පනත් කෙටුම්පත ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට අනුකූල වන පරිදි සංශෝධනය කළ යුතු බවයි.

දිවයිනම සලිත කරමින් හෙට 4.00 දක්වා ඇම්බර් අනතුරු ඇඟවීම් - ප්‍රදේශ රැසක් අනතුරේ

දිවයිනම සලිත කරමින් හෙට 4.00 දක්වා ඇම්බර් අනතුරු ඇඟවීම් - ප්‍රදේශ රැසක් අනතුරේ

එමෙන්ම එම සංවිධානයේ විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත තුළ යහපත් ප්‍රවණතාවක් පැවතියද විසඳිය යුතු තීරණාත්මක ගැටලු කිහිපයක් පවතින බවයි.

එසේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂඥයින් අවධාරණය කර ඇත්තේ රඳවා තබා ගැනීමේ නියෝග, කඩිනම් සහ ඵලදායී අධිකරණ පාලනයකට සහ අධීක්ෂණයට යටත් විය යුතු බවත්, රඳවා තබා ගැනීම සම්බන්ධ අභියාචනා විභාග කරන ස්වාධීන සමාලෝචන කමිටුව සැබවින්ම ස්වාධීන විය යුතු බවත්, ත්‍රස්තවාදය යන්නෙහි අර්ථ නිරූපණය හිතාමතා මරණය හෝ බරපතළ ශාරීරික හානි සිදුකරන ක්‍රියාවලට පමණක් සීමා විය යුතු අතර දේපළවලට සිදුවන හානි ඊට ඇතුළත් නොවිය යුතු බවත්ය.

සුළු මොහොතකට පෙර විශේෂ නිවේදනයක් - බෙංගාල බොක්ක කැළඹෙයි - අද සිට 13 වෙනකල් වෙන්න යන දේ

සුළු මොහොතකට පෙර විශේෂ නිවේදනයක් - බෙංගාල බොක්ක කැළඹෙයි - අද සිට 13 වෙනකල් වෙන්න යන දේ

රටම මඟ බලපු විභාග ප්‍රතිපල නිකුත් වෙයි - රාජ්‍ය සේවය ගැනීම ආරම්භයි - සම්මුඛ පරීක්ෂණයට දිනයත් නිකුත් වෙයි

රටම මඟ බලපු විභාග ප්‍රතිපල නිකුත් වෙයි - රාජ්‍ය සේවය ගැනීම ආරම්භයි - සම්මුඛ පරීක්ෂණයට දිනයත් නිකුත් වෙයි