මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක් - තැරැව්කාර වංචාවලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක්
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබාගැනීම සඳහා පැමිණෙන මහජනතාව දෙපාර්තමේන්තු පරිශ්‍රය ආසන්නයේ රැඳී සිටින තැරැව්කරුවන් සමඟ ගනුදෙනු කිරීමෙන් වළකින ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
එවැනි පුද්ගලයන්ගේ වංචාවලට හසුවීමෙන් මහජනතාවගේ මුදල් මෙන්ම වැදගත් ලිපි ලේඛන ද අහිමි වීමේ අවදානමක් පවතින බව දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. මේ වන විට එක්දින සේවාවන් ලබාගැනීම සඳහා වේලාවන් වෙන්කරවා ගැනීමේ පහසුකම් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සහ දුරකථන මාර්ගයෙන් ලබාදී තිබේ.
එමෙන්ම, සාමාන්‍ය වාහන අයිතිය පැවරීමට අදාළ ලිපි ලේඛන භාරදීම සඳහා නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයට අමතරව දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ද පහසුකම් සලසා ඇති බව සඳහන් වේ.
කෙසේ වෙතත්, පවතින නිල ක්‍රමවේද අනුගමනය නොකර දෙපාර්තමේන්තුව ඉදිරිපිට රැඳී සිටින තැරැව්කරුවන්ගේ උපදෙස් මත කටයුතු කිරීමෙන් ජනතාව නොමඟ යා හැකි බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඒ අනුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සේවා ලබාගැනීමේදී නිල ක්‍රමවේද අනුගමනය කරන ලෙසත්, අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහා බලයලත් නිලධාරීන් පමණක් සම්බන්ධ කරගන්නා ලෙසත් මහජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.