මේ පාසල් සිසුන්ට පාසල් කාලය තුළ බලපැවැත් වෙන අලුත් නීතියක් - නව මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීමේ බලය පාසල් වෙත

Report

එංගලන්තයේ පාසල් සිසුන්ට පාසල් කාලය තුළ ජංගම දුරකථන භාවිත කිරීම පමණක් නොව, ඒවා තම බෑග්වල හෝ සාක්කුවල තබාගැනීම ද තහනම් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව දැනට ඇතැම් පාසල්වල ක්‍රියාත්මක වන ‘No See, No Hear’ ප්‍රතිපත්තිය යටතේ සිසුන්ට දුරකථන භාවිත නොකර, ශබ්ද නොනැඟෙන ලෙස තම බෑග්වල තබාගැනීමට අවසර හිමි වේ.

එසේ වුවත් නව මාර්ගෝපදේශ ක්‍රියාත්මක වීමත් සමඟ එම අවසරය ද ඉවත් කිරීමට නියමිත බව සඳහන්.

එබැවින් 2027 සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව මාර්ගෝපදේශ යටතේ පාසල් කාලය පුරාම සිසුන් සතුව ජංගම දුරකථන නොතිබිය යුතු වන අතර මේ සම්බන්ධයෙන් වන නීතිමය මාර්ගෝපදේශ ඉකුත් ජුනි මාසයේ සිට බලාත්මක වී ඇති බව සඳහන්.

දිවයිනම සලිත කරමින් හෙට 4.00 දක්වා ඇම්බර් අනතුරු ඇඟවීම් - ප්‍රදේශ රැසක් අනතුරේ

දිවයිනම සලිත කරමින් හෙට 4.00 දක්වා ඇම්බර් අනතුරු ඇඟවීම් - ප්‍රදේශ රැසක් අනතුරේ

ඒ අනුව පාසල් සහ අධ්‍යාපන ආයතන භාරකාර මණ්ඩලවලට පාසල් කාලය තුළ දුරකථනවලින් තොර පරිසරයක් පවත්වාගෙන යාමේ නීතිමය වගකීම පැවරී ඇත.

මේ අතර අධ්‍යාපන ලේකම් ලුසී පවෙල් පවසා ඇත්තේ, පාසල යනු ඉගෙනීම සහ මිත්‍රත්වය ගොඩනඟා ගැනීමට වූ ස්ථානයක් මිස දුරකථන තිරය දෙස බලා කාලය ගත කිරීම සඳහා වූ ස්ථානයක් නොවන බවට දෙමාපියන්ට සහ සිසුන්ට රජය පැහැදිලි පණිවිඩයක් ලබාදෙන බවයි.

එසේම රජය පෙන්වා දෙන්නේ ජංගම දුරකථන වෙත ප්‍රවේශය තිබීම සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට මෙන්ම එකිනෙකා සමඟ සබඳතා පවත්වා ගැනීමට ද බාධාවක් විය හැකි බවයි.

තවද නව මාර්ගෝපදේශ ක්‍රියාත්මක කරන ආකාරය තීරණය කිරීමේ බලය පාසල්වලට ලබාදී ඇත.

පැය 2ක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක්.. පදිංචිය ඉවත් කරන්න මිලියන 11ක වන්දියක් - කොළඹ යට වුණ එක ගැන නලින්ද කට අරී

පැය 2ක් තුළ මිලිමීටර් 129ක වර්ෂාපතනයක්.. පදිංචිය ඉවත් කරන්න මිලියන 11ක වන්දියක් - කොළඹ යට වුණ එක ගැන නලින්ද කට අරී

එබැවින් ඇතැම් පාසල් දුරකථන ආරක්ෂිතව තැන්පත් කළ හැකි අගුළු දැමිය ලොකර් භාවිත කරන බවත්, තවත් පාසල්වල දවස ආරම්භයේදී සිසුන්ගේ දුරකථන එකතු කරගැනීම හෝ පාසල් පරිශ්‍රයට දුරකථන ගෙන ඒම සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සිදුකරන බවත් සඳහන්.

කෙසේ වුවද නව නීති ක්‍රියාත්මක කිරීමේදී පාසල්වලට අමතර වියදම් දැරීමට සිදුවන බැවින් ඒ වෙනුවෙන් රජයෙන් ප්‍රතිපාදන ලබාදිය යුතු බව පාසල් ප්‍රධානීන්ගේ වෘත්තීය සමිති පෙන්වා දෙ‍යි.  

වයස18 සම්පූර්ණ වූ අයගේ ටින් අංකය ලබා ගැනීම සම්බන්ධයෙන් අදායම් දෙපාර්තමේන්තුවේන් විශේෂ දැනුම්දීමක්

වයස18 සම්පූර්ණ වූ අයගේ ටින් අංකය ලබා ගැනීම සම්බන්ධයෙන් අදායම් දෙපාර්තමේන්තුවේන් විශේෂ දැනුම්දීමක්