මේ මාර්ගයට හදිසි පස් කඳු කඩා වැටීම හේතුවෙන් විශේෂ දැනුම්දීමක් - හෙට උදෑසන 6 දක්වා වලංගුයි [UPDATE]
කඩුගන්නාව මාර්ගයේ ගල් පෙරළීම් සහ පස් කඳු කඩා වැටීම් හේතුවෙන් එම මාර්ගය හෙට (11) දින උදෑසන 6.00 දක්වා වසා තැබීමට පියවර ගෙන ඇති බව දන්වා ඇති බව සඳහන්.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ප්‍රකාශ කළේ මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බවයි.
එබැවින් මෙම මාර්ගය වෙනුවට වෙනත් විකල්ප මාර්ග භාවිත කරන ලෙසටද මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා රියදුරන් වෙත දැනුම්දීමක් ද සිදුකර ඇත.
අද (10) දින පස්වරුවේ නුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ කඩුගන්නාව ප්‍රදේශයෙන් මාර්ගයට පස් කඳු සහ ගල් පෙරළීම් වාර්තා වී තිබෙන බව වාර්තා විය.
ඒ පවතින අයහපත් කාලගුණය නිසා වන අතර මෙම ගල් පෙරළීම් හේතුවෙන් මාර්ගය අසල නවතා තිබූ යතුරුපැදියකටද හානි සිදුව ඇත.
එබැවින් පවතින තත්ත්වය මත ආරක්ෂාකාරී පියවරක් වශයෙන් මෙම මාර්ගය කඩුගන්නාව - ගනේතැන්න අතර කොටස වසා දැමීමටද පොලිසිය පියවර ගෙන තිබෙනවා.