මුළු රටම නොඉවසිල්ලෙන් - මේ සේවාව ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රථම නිල අත්හදා බැලීම හෙට

Report

විදුලි බලයෙන් ක්‍රියා කරන නියමුවන් රහිත මඟී ඩ්‍රෝන සේවාවක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට ප්‍රථම නිල අත්හදා බැලීම හෙට (11) දින කොළඹ වරාය නගර පරිශ්‍රයේදී සිදු කිරීමට සැලසුම් කර ඇති බව වරාය හා සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එම අමාත්‍යාංශය සඳහන් කළේ මඟී ඩ්‍රෝන යානා හඳුන්වාදෙන චීනයේ Yi Hang (යී හැංග්) සමාගම වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශයේදී අමාත්‍ය අනුර කරුණාතිලක, නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, අමාත්‍යාංශ ලේකම් ඩබ්.ඩබ්.එස්.මංගල ප්‍රමුඛ ගුවන්සේවා අධිකාරියේ බලධාරීන් සමඟ ඉකුත් අගෝස්තු මාසයේදී, මේ සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ බවයි.

එසේම එහිදී ධාවන පථයක් අවශ්‍ය නොවන eVTOL නමින් හඳුන්වන මෙම ඩ්‍රෝන යානා සිරස්ව ගුවන් ගතවීමට සහ ගොඩබැසීමට හැකි අතර, සංචාරක කර්මාන්තය, මඟී ප්‍රවාහනය හදිසි සේවා වෙනුවෙන් යොදා ගැනීම පිළිබඳව ද අවධානය යොමුවූ බව සඳහන්.

දිවයිනම සලිත කරමින් හෙට 4.00 දක්වා ඇම්බර් අනතුරු ඇඟවීම් - ප්‍රදේශ රැසක් අනතුරේ

දිවයිනම සලිත කරමින් හෙට 4.00 දක්වා ඇම්බර් අනතුරු ඇඟවීම් - ප්‍රදේශ රැසක් අනතුරේ

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට, ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය, ආරක්ෂක අමාත්‍යාංශය, ගුවන් හමුදාව, විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව, Port City Commission, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන අධිකාරිය, ආයෝජන මණ්ඩලය සහ ගුවන්තොටුපල බලධාරීන් ඇතුළු ආයතන රැසක් සමඟ සම්බන්ධීකරණය අවශ්‍යය වන බව ද වරාය හා සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සඳහන් කරයි.

එය මුලින්ම වාණිජ සේවාවක් වශයෙන් නොව පරීක්ෂණ අදියරයක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට යොජිත අතර, මාස 06ක පමණ කාලයක් Port City පරිශ්‍රයේදී අත්හදා බැලීම් සිදු කිරීමට සැලසුම් කර ඇති බව එම අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඉකුත් දා E 216 වර්ගයේ මඟීන් දෙදෙනෙකු ගමන් කළ හැකි ඩ්‍රෝන යානයක් මෙරටට ගෙන්වා තිබෙන අතර, අත්හදා බැලීමට එය යොදා ගැනීමට නියමිතව ඇති බව ද අමාත්‍යාංශය සඳහන් කරයි.

රාජ්‍ය සේවය අලුත් කරයි - ශ්‍රී ලාංකික රාජ්‍ය නිලධාරීන්ට පුහුණුව සහ සීමාවාසික පුහුණුවක්

රාජ්‍ය සේවය අලුත් කරයි - ශ්‍රී ලාංකික රාජ්‍ය නිලධාරීන්ට පුහුණුව සහ සීමාවාසික පුහුණුවක්

මෙම යානය ප්‍රචාලක (ප්‍රොප්ලර් - Propller) 16ක්, බැටරි කට්ටල 12ක්, ගුවන්යානා පාලන පද්ධති (Flight - Control) 03ක් සමඟ පරිගණක පද්ධතියකින් සමන්විත බව සඳහන්.

එමෙන්ම යානය පාලනය කිරීම එක් මධ්‍යස්ථානයක සිට දුරස්ථ පාලකයක් ඔස්සේ සිදුවෙන බැවින්, අනතුරක් හෝ සන්නිවේදන ගැටලුවක් ඇති වුවහොත් ආරක්ෂිත ක්‍රියා මාර්ගයකට ස්වයංක්‍රීයව යොමුවිය හැකි බවත් වාර්තා වේ.

කෙසේ වෙතත් මඟී ඩ්‍රෝන යානා සේවාව ක්‍රියාත්මක කිරීම මඟින් සංචාරක ක්ෂේත්‍රය තුළ විශේෂයෙන් සීගිරිය, පිදුරංගල කඳුකර ප්‍රදේශ සහ දූපත් වැනි ස්ථාන වෙත සංචාරකයින් රැගෙන යාම මඟින් සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් නව වෙළඳපොළක් නිර්මාණය කරගැනීමට අපේක්ෂා කරන බව ද වරාය හා සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

වයස18 සම්පූර්ණ වූ අයගේ ටින් අංකය ලබා ගැනීම සම්බන්ධයෙන් අදායම් දෙපාර්තමේන්තුවේන් විශේෂ දැනුම්දීමක්

වයස18 සම්පූර්ණ වූ අයගේ ටින් අංකය ලබා ගැනීම සම්බන්ධයෙන් අදායම් දෙපාර්තමේන්තුවේන් විශේෂ දැනුම්දීමක්