විදුලි ට්‍රාන්ස්ෆෝමරයකට යළිත් රිලවෙක් පැනලා - මේ ප්‍රදේශයේ විදුලිය සම්පූර්ණයෙන්ම විසන්ධි වෙයි
බගවන්තලාව නගරයේ විදුලි ට්‍රාන්ස්ෆෝමරයකට රිලවකු පැනීම හේතුවෙන් අද (10) දින පස්වරුවේ පැයකට ආසන්න කාලයක් ප්‍රදේශයේ විදුලිය සම්පූර්ණයෙන්ම විසන්ධි වී ඇත.
ඒ අනුව වාර්තා වූයේ අද පස්වරු 3:30ට පමණ වූ එම සිදුවීම හේතුවෙන් ප්‍රදේශයේ ව්‍යාපාර ඇතුළු දෛනික කටයුතු රැසකට බාධා එල්ල වූ බවයි.
ප්‍රදේශවාසීන් පවසන්නේ දුරකථන රැහැන් දිගේ පැමිණෙන රිලවුන් බගවන්තලාව නගරය පුරා සැරිසරන බවත්, එසේ පැමිණි රිලවෙක් බගවන්තලාව නගරයේ අධි බලැති විදුලි ට්‍රාන්ස්ෆෝමරයට නැග සිටියදී රිලවාට විදුලිසැර වැදී මියයෑමත් සමඟ ප්‍රදේශය පුරා විදුලිය ඇනහිටි බවයි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී විදුලිබල මණ්ඩලයේ මස්කෙළිය කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ සිදුවීමෙන් මිනිත්තු 45කට පමණ පසුව විදුලිය යථාවත් කිරීමට කටයුතු කළ බවයි.