දකුණු පළාතට විදුලිය සැපයීම ගැන අලුත්ම ආරංචිය.

Sri Lanka Politician Sri Lanka Ceylon Electricity Board Kanchana Wijesekera
By krishani Aug 15, 2023 11:46 AM GMT
krishani

krishani

Report

ඉරිදා (20) වන විට දකුණු පළාත, ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කෙරෙන ඉතිරි කේබල් කොටස ද එළීමට හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය, කංචන විජේසේකර සඳහන් කළේ ය.

මීට වසර කිහිපයකට ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත ජාතික පද්ධතියට සම්බන්ධ කරමින් පොල්පිටියේ සිට හම්බන්තොට දක්වා විදුලිය රැගෙන යාමට කිලෝමීටර් 150 කට ආසන්න දිගින් යුත් කිලෝවොට් 220 ක අධි බලැති විදුලි සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය ඉදිකිරීමේ කටයුතු ආරම්භ විය.

නමුත් අදාළ තේ වත්තේ හිමිකරුවන් විසින් තම පුද්ගලික ඉඩම හරහා එම රැහැන් ඇදීමට වන්දි මුදලක් ඉල්ලා සිටි‍න ලදී.

එහි වටිනාකම කිහිපවිටක් වෙනස් කිරීම හේතුවෙන් මුළු දකුණු පළාතටම විදුලිය ලබාදෙන මෙම ව්‍යාපෘතිය ඇණහිටීය.

කෙසේ වෙතත්, පසුව මහජන උපයෝගිතා කොමිසමේ මැදිහත්වීමෙන් සියලු පාර්ශව කැඳවා සමත මණ්ඩල  සාකච්ඡාවක් පැවැත්විණ.

එහිදී කිසිදු වන්දියකින් තොරව අදාළ විදුලි රැහැන් ඇදීමට අදාළ ඉඩමේ හිමිකරුවන් එකඟතාව පළ කළේ ය.

කෙසේ වෙතත්, ඒ සඳහා වන ගිවිසුමකට ද අත්සන් තැබුණු අතර අවම උස මීටර් 20 ක් වන පරිදි සහ පොළොව මට්ටමේ සිට මීටර් 16 දක්වා ගොඩනැගිලි ඉදිකිරීමට හා වගා කටයුතු කළ හැකි ආකාරයට රැහැන් එලීමට ද දෙපාර්ශවය එහිදී එකඟ වී තිබෙනවා.

ReeCha