"සුපිරි ඩෙල්ටා" ප්‍රභේදයක් බිහිවේ..ආසාදිතයින් හා මරණ එක වරම වැඩිවේ..
අලුත් විකෘතිතා ඇතිවීමත් සමඟම ශ්‍රී ලංකාවේ ” සුපිරි ඩෙල්ටා” ප්‍රභේදයක් බිහි වන්නේ දැයි සැකයක් මතුවන හෙයින් ඒ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ඇරැඹූ බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා .
මේ අතර කොළඹ පුරා සියයට සියයක්ම පැතිරෙන්නේ ඩෙල්ටා ප්‍රභේදය බවට හඳුනාගෙන ඇතැයිද ඔහු සඳහන් කරනවා පිට පළාත්වලද යම් ආකාරයකට ඩෙල්ටා සැර කොරෝනා ප්‍රභේදය පැතිරීමට පටන් ගෙන ඇතැයි පැවසූ ජීවන්දර මහතා ,
එන්නත්කරණ ක්‍රියාවලිය සැප්තැම්බර් මස අවසානය වනවිට රටට යම්කිසි සහනදායී තත්වයක් බලාපොරොත්තු විය හැකි බවද චන්දිම ජීවන්දර මහතා වැඩිදුරටත් පවසනවා එමෙන්ම එන්නත්කරණ ක්‍රියාවලිය සාර්ථක අයුරින් ක්‍රියාත්මක වන බවයි ඔහු සඳහන් කර තිබෙන්නේ.
එමෙන්ම, මේ අතර නව කොරෝනා මරණ 192 ක් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 8,775 ක් දක්වා ඉහළ ගියා. නව ආසාදිතයන් 4,612 ක් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වුණේ හාරලක්ෂ 26,169 ක් ලෙසයි.
මේ අතර ඊයේ මෙරටින් වාර්තාවූ නව ආසාදිතයන් 4,612 දෙනාම අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, ඒ අනුව තවදුරටත් ආසාදිතයන් 59,796 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා. සුවය ලැබූ මුළු සංඛ්‍යාව 357,598 ක්.
එමෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදුවූ බවට ඊයේ තහවුරු කරන ලද කොරෝනා මරණ 192 න් 156 ක් ම වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
මීට අමතරව වයස අවුරුදු 30 ත් 59 ත් අතර පුද්ගලයින් 36 දෙනෙකුද කොරෝනා ආසාදනය වී මිය ගොස් තිබෙනවා.
මේ අතර,දැනට සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ 6,000කට වැඩි සංඛ්‍යාවක් කොරෝනා ආසාදනය වී ඇති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසනවා.
මහනුවර රෝහලේ පමණක් හෙද නිලධාරීන් 250 කට කොරෝනා ආසාදනය වී ඇති බවයි කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
කොරෝනා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග රෝහල්වලට ඇතුලත් වන රෝගීන්ගේ සංඛ්‍යාවද ඉහළ ගොස් තිබෙනවා. එවන් පසුබිමක වෙනත් රෝග සඳහා රෝහල් ගත වීමට බිය නොවන ලෙසට වෛද්‍යවරුන් ඉල්ලා සිටින්නේ.
-------------------------------------------------------------------------------------
එන්නත් මධ්‍යස්ථානයක සිදු වූ විශාල කාලගෝට්ටිය-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |