සුමේධගෙන් කවුරුත් පුදුම කළ දස්කමක්..! ලෝකෙන්ම වාර්තාවක්..
By Sewvandhi
අද (8) පැවති ,ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය විසින් දියගම ක්‍රීඩාංගණයේ සංවිධානය කර තිබෙන තේරීම් තරගයක හෙල්ල විසිකිරීම ඉසව්ව නියෝජනය කළ සුමේධ රණසිංහ මීටර 82.56ක දුරක විසිකිරීමට සමත්ව ඇත.
මෙය ලොව හෙල්ල විසිකිරීම ඉසව්වෙන් 2025 වසරේ මේ දක්වා ක්‍රීඩකයෙකු විසිකළ වැඩිම දුර ලෙසින් සටහන් විය.
සුමේධට පෙර මෙම වසරේ වැඩිම දුරක් හෙල්ලය විසිකර සිටි ක්‍රීඩකයා වූයේ ඉතාලියේ Giovanni FRATTINI වූ අතර, ඔහු මීටර 75.85ක දුරක් විසිකර තිබුණි.
මේ අතර අද පැවති මෙම තේරීම් තරගයට සහභාගි වූ රුමේෂ් තරංග ද මීටර් 79.58ක දුරක් විසිකර ඇති අතර, එයද මේ දක්වා ලොව දෙවන වැඩිම දුරක් විසිකිරීම වෙයි.
You may like this video 👇
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)