මාළු අල්ලන App එක දැනටමත් ලක්ෂයක් භාවිතා කරනවා - විපක්ෂය ඇසු ප්‍රශ්නයට ඇමතිගෙන් හෙළිදරවිවක් [VIDEO]
ධීවරයන්ට මත්ස්‍ය සම්පත් සොයා ගැනීම සඳහා හඳුන්වා දී ඇති ජංගම දුරකථන යෙදවුම (App) තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියනයක මුදලක් වෙන් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසයි.
දැනටමත් ධීවරයන් ලක්ෂයක පමණ පිරිසක් මෙම යෙදවුම භාවිත කරන බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, එහි දත්ත පද්ධතිය තවදුරටත් පුළුල් කරමින් වඩාත් සාර්ථක සේවාවක් බවට පත් කිරීම රජයේ අරමුණ බව සඳහන් කළේය.
අද (13) සිකුරදා පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා මෙසේ පැවසීය.
''දැන් මෙතන්දි විපක්ෂයෙන් මතු වුණ අදහස ඇප් එක කොයිද කියලා. App එක තියෙනවා. මේ රටේ මත්ස්‍යයන් සොයාගෙන ඇප් එක තියෙනවා. ලක්ෂයක ප්‍රමාණයක් ධීවරයින් මේක භාවිතයට ගන්න. ඒක යූස් කරනවා. මෙතන තියෙනවා දත්ත තොරතුරු පදනම් කරගනිමින් දින දෙකක් තුනක් වගේ කාල සීමාවක ඩේටා බේස් එකක් තමයි එතන අන්තර්ගත වෙන්නේ. ඒ නිසා මේක වැඩිදියුණු කරන්න අපි පහුගිය දවසේ විශේෂයෙන්ම විදේශීය රටවල් සමාගම් එක්කත් සාකච්ඡා කළා. පෞද්ගලික දුරකතන ආයතන කිහිපයක් එක්කත් සාකච්ඡා කළා. අපි මේක තවදුරටත් සාර්ථකව කරගන්න තමයි මේ වතාවේ අමාත්‍යාංශය සඳහා වෙන් කර මුදලින් මිලියන 1000 වෙන් කරලා තියෙන්නේ. බිලියනයක් වෙන් කරලා තියෙන්නේ. මේක තවත් වැඩිදියුණු කරන්න දැනට මේක භාවිතා කරන බිලියනයක් වෙන් කරලා තියෙනවා.''