සුපර් මොඩ්ල් යුනිවර්ස් තරඟයෙන් සුදිනිට හිමි වූ අමතක නොවන ජයග්‍රහණය
චීනයේ පැවති ” සුපර් මොඩ්ල් යුනිවර්ස් – 2025 ( Super Model Universe – 2025) තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූයේ සුදිනි සින්දවී වික්‍රමආරච්චිය .
එහිදී ඇය ඉදිරිපත් කළ ඇදුම් නිර්මාණයට එම තරගාවලියේ “හොදම ජාතික ඇදුම” ( Best National Costume) හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය.
ඇය අද (17) අලුයම කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ යළිත් මෙරටට පැමිණියාය.
මෙම තරගාවලිය පසුගිය 11/10 දින සිට 11/16 දින දක්වා චීනයේ ෂෙන්ෂෙන් නුවර දී (Shenzhen ) පවත්වා තිබේ .
ඒ වගේම රටවල් 32 ක නිරූපන ශිල්පිනියන් මෙම තරගාවලිය සදහා ඉදිරිපත් ව තිබේ .
මෙම තරගාවලියේ දී කිලෝ ග්‍රෑම් 22 ක බරකින් යුතු , සීගිරි අප්සරාවියක් නිරූපනය වන ආකාරයට ඇය සිය ඇදුම් නිර්මාණය ඉදිරිපත් කර ඇත.
ඇය සෞන්දර්ය කළා විශ්ව විද්‍යාලයේ සංගීත ගෞරව උපාධිධාරිනියක වේ .
ඒ වගේම ඇය ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විශාරද උපාධියද හිමි කර ගෙන තිබේ .
තවද ඇය ගේය පද රචනය , තනු නිර්මාණය මෙන්ම චිත්‍රපට සහ ටෙලි නාට්‍ය පසුබිම් ගායනයට මෙන්ම ඒවායේ රංගනයට ද දායකත්වය සපයමින් සිටින්නීය.
ඇය චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 713 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූණි.
එය ඉකුත් 11/10 දින සිට 11/16 දින දක්වා චීනයේ ෂෙන්ෂෙන් (Shenzhen ) නුවර දී පවත්වා ඇත .
ඒ වගේම මෙම ජයග්‍රහණය හිමි කරගෙන පැමිණි ඇය පිළිගැනීම සදහා ඇයගේ දෙමාපියන් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.