හදිසියේම කාලගුණයෙන් රතු නිවේදනයක්.
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින පීඩන අවපාතය හෙට (10) වනවිට සුළි කුණාටුවක් දක්වාත් ක්‍රමයෙන් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
මෙම පද්ධතිය නිසා උතුරු අක්ෂාංශ 02ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 85 සහ 100ත් අතර මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ත් 60ත් පමණ වන අතර විටින්විට එය පැයට කිලෝමීටර් 70ක් දක්වා ඉහළ යා හැකි බවටයි ඔවුන් පවසන්නේ.
ඒ හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින්, නිකොණදිග බෙංගාල බොක්ක සහ දකුණු අන්දමන් මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහු දින ධීවර යාත්‍රා සඳහා රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එමෙන්ම මුහුදු ප්‍රදේශ ඉතා රළුවන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බවට ද එම නිවේදනයේ සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

