මාළු මිලෙහි හදිසියේම සිදු වූ වෙනස.
Sri Lanka
Sri Lanka Fisherman
By Wayomi
ඉහල ගොස් තිබු මාළු මිල විශාල වශයෙන් පහල බැස තිබෙනවා.
ධීවර සංස්ථාවේ සභාපති ඩී.බී.උපුල් අද (16) ධීවර අමාතංශයේ දී කියා සිටියේ, අද වන විට ලින්නන් මාළු මිල රුපියල් 400ත් 500ත් වන අතර, කෙලවල්ලා රුපියල් 1100 දක්වාද, දැල්ලන් රුපියල් 700 දක්වාද මිල අඩු වී ඇති බවයි.
පසුගිය කාලයේ කෙලවල්ලා මාළු රුපියල් 2200ට අධික මුදලකට අලෙවි වූ අතර ඔහු වැඩිදුරටත් කියා සිටියේ,පාරිභෝගික ජනතාව මින් මහත් අපහසුතවන්ට ලක්වූ අතර වාරකන් කාලය අවසන් වෙමින් පවතින බැවින් මාළු මිල පහල බැස ඇති බවයි.
පාරිභෝගික ජනතාව මින් මහත් අපහසුතවන්ට ලක්වූ අතර වාරකන් කාලය අවසන් වෙමින් පවතින බැවින් මාළු මිල පහල බැස ඇති බවට සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.
