ගොවීන්ට ඇසෙන සුබ පණිවිඩය
වර්ෂ 2025/26 මහ කන්නයේ කුඹුරු ඉඩම්වල වී හෝ අතිරේක ආහාර බෝග වගා කරන ගොවීන් වෙත මූල්‍ය සහනාධාර ලබා දීමේ වැඩසටහන ඊයේ දින (30) ආරම්භ වී ඇත.
මෙම වැඩසටහන යටතේ වී වගා කරන ගොවීන් සඳහා මූල්‍ය සහනාධාර ලැබෙන්නේ හෙක්ටයාරයකට රුපියල් 25,000 බැගින් සහ අතිරේක ආහාර බෝග වගා කරන ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් වේ මේ යටතේ 2025/2026 මහ කන්නයේදී වී වගා හෙක්ටයාර 859,159කට සහ අතිරේක ආහාර බෝග හෙක්ටයාර 9,650කට සහනාධාර ලැබීමට නියමිතව ඇත.
මේ වෙනුවෙන් රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 20,000ක් වේ. . ඒ අනුව වගාකරුවන්ට රුපියල් මිලියන 16,000ක් 2025 දෙසැම්බර් 31 දිනට පෙර වෙත ගෙවීමට සූදානම්ව ඇත 2026 වසරේ මුල් කාර්තුවේදී ඉතිරි රුපියල් 4,000ක මුදල මහ කන්නයේ වගා කිරීම ප්‍රමාදවන ප්‍රදේශවල ගොවීන්ට ගෙවීමට නියමිතව ඇති බව වාර්තා වේ.
මෙම වැඩසටහන ක්‍රියාත්මක කර ඇත්තේ වී සහ අතිරේක බෝග වගාවන්හි නිෂ්පාදනය සහ ඵලදායීතාවය ඉහළ නැංවීම සහ ගොවි ජනතාවගේ නිෂ්පාදන පිරිවැය පහළ හෙලීමේ අරමුණු කරගෙන වේ.
මෙම වැඩසටහන නිසා ගොවීන් ලක්ෂ 14කට අධික පිරිසකට සෙත සැලෙස බව සදහන්ය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සදහන් කළේ පළමු දිනය තුළ ගොවීන් 125, 383 දෙනෙකු වෙත රුපියල් මිලියන 1,154ක මුදලක් නිදහස් කිරීමට කටයුතු කළ බවයි.
 
                 
                     
                                             
         
     
     
     
     
     
                             
        ![බන්ධනාගාරවල 64% මත්ද්‍රව්‍ය නාමිකයින් - ජනපති හෙළි කරයි [VIDEO]](https://cdn.ibcstack.com/article/2d8ce6b0-229f-4ea8-8598-671bccef29b6/25-69030329f1320-sm.webp) 
        ![රනිල් අධිකරණයට - රනිල් වෙනුවෙන් මැති ඇමතිවරු රැසක් එකතු වේ [VIDEO]](https://cdn.ibcstack.com/article/9d16374e-d8e9-4f54-8891-bc88a8ee9605/25-6901c9e577745-sm.webp) 
        ![නාරහේන්පිට ගින්න - නිවාස සංකීර්ණයේ සිරවී සිටින කට්ටිය මුදාගැනීමට දැඩි වෙහෙසක් [VIDEO]](https://cdn.ibcstack.com/article/73681d00-7b87-4620-9d80-4f7030a8fde7/25-690195b987668-sm.webp) 
        ![ලේඩිස්ලට රට යන්න දෙන්නේ නෑ ගියපු අය ඉන්නේ මඩම්වල - ආන්දෝලනාත්මක වීඩියෝවේ ඇත්ත නැත්ත [VIDEO]](https://cdn.ibcstack.com/article/8c0ee2cb-0a47-46b0-b2ce-c84e0317f412/25-6900d84571fd1-sm.webp) 
        ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
         
         
         
         
         
         
        ![චූටි පහන්දිට මොකද මේ වෙලා තියෙන්නේ [PHOTOS]](https://cdn.ibcstack.com/article/737a188e-5694-4aac-a335-0a8993c7a114/25-6904a6211aec7-sm.webp) 
         
         
         
         
         
         
        