වෙරළබඩ මුහුදු ප්‍රදේශ රැසකට තද සුළං සහ රළු මුහුදු අනතුරු ඇඟවීම්- මේ ප්‍රදේශ වලට දැඩි අවවාදයක්
By Kanchana
කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.
හෙට (07) පෙ.ව. 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි, කන්කසන්තුරේ සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි අතර, පැයට කිලෝමීටර 55-65 දක්වා තද සුළං ඇති විය හැක.
[SCQBUY5
හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල රළ උස මීටර් 2.0 – 2.5 ක් පමණ වැඩි විය හැක. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අනාවැකි පිළිබඳව අවධානයෙන් සිටින ලෙස සහ අවධානයෙන් සිටින ලෙස නාවික සහ ධීවර ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.