ට්‍රම්ප්ගේ දුරකථන ඇමතුමෙන් හරවපු FIFA රතු කාඩ් එක

Report

2026 පාපන්දු ලෝක කුසලානය අතරතුර ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ සමඟ කළ දුරකථන සංවාදයකින් අනතුරුව, ඇමරිකානු ප්‍රහාරක ෆෝලරින් බාලොගන්ට පැනවූ තරග තහනම ඉවත් කිරීම දැඩි මතභේදයකට තුඩු දී තිබේ.

ඇමරිකානු නිලධාරියෙකු සඳහන් කළේ, බාලොගන්ට රතු කාඩ්පත ලබාදීම සහ ඒ හේතුවෙන් තරගයක තහනමක් පැනවීම පිළිබඳව කරුණු අවබෝධ කර ගැනීම සඳහා ජනාධිපති ට්‍රම්ප් FIFA සභාපතිවරයා සමඟ සාකච්ඡා කළ බවයි.

එමෙන්ම, අභියාචනා ක්‍රියාවලිය ස්වාධීන කමිටුවක් මඟින් සිදු කළ අතර, එහිදී ඇමරිකානු රජය අතිරේක සාක්ෂිද ඉදිරිපත් කළ බවද එම නිලධාරියා ප්‍රකාශ කළේය.

ලෝක පූජිත බ්‍රසීලය ලෝක කුසලානයෙන් ඉවත් කරමින් නෝර්වේ නේමාර්ගේ අවසන් සිහිනයද බොඳ කරයි

ලෝක පූජිත බ්‍රසීලය ලෝක කුසලානයෙන් ඉවත් කරමින් නෝර්වේ නේමාර්ගේ අවසන් සිහිනයද බොඳ කරයි

ඒ අනුව, බාලොගන්ට එරෙහි ස්වයංක්‍රීය එක් තරග තහනම ක්‍රියාත්මක නොකරන බව FIFA විනය කමිටුව නිවේදනය කළේය. FIFA පෙන්වා දුන්නේ, තම විනය රෙගුලාසිවල 27 වැනි වගන්තිය යටතේ එම තහනම වසරක පරීක්ෂණ කාලයකට අත්හිටුවන බවයි.

බොස්නියා සහ හර්සගොවිනාට එරෙහි කණ්ඩායම් වටයේ අවසන් තරගයේදී 64 වැනි මිනිත්තුවේ රතු කාඩ්පත ලැබූ බාලොගන්, මේ වන විට ගෝල තුනක් රැස් කරමින් ඇමරිකානු කණ්ඩායමේ ප්‍රධානතම ප්‍රහාරකයා ලෙස කැපී පෙනෙයි.

ඒ හේතුවෙන් ඔහුට බෙල්ජියමට එරෙහි අවසන් 16 දෙනාගේ තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමිව තිබේ. මෙම තීරණයෙන් අනතුරුව ජනාධිපති ට්‍රම්ප් සිය Truth Social ගිණුමෙන් ප්‍රකාශ කළේ, "නිවැරදි දේ කළ FIFA වෙත ස්තූතියි. විශාල අසාධාරණයක් නිවැරදි කළා" යනුවෙනි. කෙසේ වෙතත්, FIFA තීරණයට බෙල්ජියම් පාපන්දු සම්මේලනය දැඩි විරෝධය පළ කර ඇති අතර, නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් සලකා බලන බව ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම බ්‍රසීලය පරාජය කළ නෝර්වේ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ස්ටෝලේ සොල්බක්කන් ද FIFA තීරණය දැඩි ලෙස විවේචනය කළේය.

ඔහු පැවසුවේ, රතු කාඩ්පතක් ලැබූ ක්‍රීඩකයෙකුට තරග තහනමක් නොපැනවීම පාපන්දු ක්‍රීඩාවේ විශ්වාසනීයත්වයට හානි කරන අතර, දේශපාලන බලපෑම් ක්‍රීඩා විනය තීරණවලට ඇතුළත් වීම ඉතා භයානක පූර්වාදර්ශයක් බවයි.

මේ අතර, ඇමරිකානු පුහුණුකරු මෞරිසියෝ පොචෙටිනෝට මෙම තීරණය විශාල සහනයක් වී ඇති අතර, 2002 වසරෙන් පසු පළමු වරට ලෝක කුසලාන අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමේ බලාපොරොත්තුවෙන් ඇමරිකාව බෙල්ජියමට එරෙහි තරගයට පිවිසීමට නියමිතය.

කේප් වර්ඩ් සමග කරට කර සටනින් ලෝකශුර ආර්ජන්ටිනාව සුපිරි 16 අතරට

කේප් වර්ඩ් සමග කරට කර සටනින් ලෝකශුර ආර්ජන්ටිනාව සුපිරි 16 අතරට