ගොවියා අසරණ වෙලා බන්ධනාගාරේ රැඳවියෝ ගහගන්නවා ගොවි පුතෙක් කියලා ජන්දේ ඉල්ලපු ජනාධිපති ගැනත් දැන්නම් සැකයි - සජබෙන් මාලිමාවට සැර ප්‍රකාශයක්

Report

සමගි ජන බලවේගයේ (සජබ) මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසන්නේ වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති හේතුවෙන් ගොවීන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි.

අද පැවති සජබ මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ ගොවි උපකරණ සහ පොහොර මිල ඉහළ ගොස් ඇති අතර, වී සඳහා සහතික මිලක් ලබා දීමටද ආණ්ඩුව අසමත් වී ඇති බවයි. යල කන්නයේ අස්වැන්න වෙළෙඳපොළට පැමිණීමට පෙර විදේශයෙන් වී ආනයනය කිරීම ගොවීන්ට දැඩි අසාධාරණයක් බවද ඔහු පැවසීය.

ගොවීන් සඳහා වෙන් කරන ප්‍රතිපාදන ප්‍රමාණය ප්‍රමාණවත් නොවන අතර, සහනාධාරද කප්පාදු කර ඇති නිසා ගොවීන් දිනෙන් දින දුප්පත් වන බවට ඔහු චෝදනා කළේය. ගොවීන් අද ස්වෙච්ඡාවෙන් විරෝධතා සඳහා එක්වන තත්ත්වයක් උද්ගත වී ඇති අතර, කුඹුරු වෙත ගිය ඇතැම් ඇමැතිවරු ගොවීන් සමච්චලයට ලක් කරන බවද ඔහු කියා සිටියේය. ගොවි පුතෙකු ලෙස ජනතා ඡන්දය ඉල්ලා සිටි ජනාධිපතිවරයාගේ ප්‍රකාශ පිළිබඳවද දැන් සැකයක් මතුව ඇති බව ඔහු සඳහන් කළේය.

මීගමුව බන්ධනාගාරයේ මනුෂ්‍ය ඝාතනවල සම්පූර්ණ වගකීම රජය බාරගන්න - මාලිමා ආණ්ඩුව බෙල්ල මුලටම හිරවෙයි

මීගමුව බන්ධනාගාරයේ මනුෂ්‍ය ඝාතනවල සම්පූර්ණ වගකීම රජය බාරගන්න - මාලිමා ආණ්ඩුව බෙල්ල මුලටම හිරවෙයි

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ බන්ධනාගාරවල පවතින දැඩි තදබදයට ආණ්ඩුව වගකිව යුතු බවයි. මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත විශාල පිරිසක් රඳවා සිටීම හේතුවෙන් බන්ධනාගාර පිරී ගොස් ඇති බවත්, මත්ද්‍රව්‍ය මර්දනය සම්බන්ධයෙන් ආණ්ඩුව සංදර්ශන පමණක් පවත්වන බවත් ඔහු චෝදනා කළේය.

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ ඔහු, අධිකරණය දේශපාලනිකරණය කිරීමට කිසිසේත් ඉඩ නොදිය යුතු බව පැවසීය. වෛද්‍ය හිඟය වැනි ක්ෂේත්‍රවල සේවා කාලය දීර්ඝ කිරීම සලකා බැලිය හැකි නමුත් ස්වාධීන අධිකරණයට බලපෑම් එල්ල කිරීම සුදුසු නොවන බවද ඔහු සඳහන් කළේය. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් තිබියදී සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ නිකුත් කිරීමෙන් පමණක් සීමා වී ඇති බවද ඔහු චෝදනා කළේය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව බිය වන බැවින් එය තවදුරටත් ප්‍රමාද කරන බවත්, මැතිවරණය පැවැත්වුවහොත් පළාත් සභා නවයම සජබ ජයගන්නා බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. ඉන්ධන මිල ඉහළ දමා සුළු ප්‍රමාණයකින් අඩු කිරීම ජනතාව රැවටීමක් බවත්, ලෝක වෙළෙඳපොළේ තෙල් මිල පහළ ගොස් තිබියදී එහි වාසිය මෙරට ජනතාවට ලබා නොදෙන බවත් ඔහු සඳහන් කළේය.

කොළඹ ජනතාවට සුභ ආරංචියක් - කොළඹ නගරයටම විදුලි බස් රථ වැඩසටහනක්

කොළඹ ජනතාවට සුභ ආරංචියක් - කොළඹ නගරයටම විදුලි බස් රථ වැඩසටහනක්

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුද වැඩි වී ඇති බව ඔහු පෙන්වා දුන්නේය. ආණ්ඩුවේ ජනප්‍රියතාව සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති අතර එය සියයට 20ටත් අඩු වන බවද ඔහු ප්‍රකාශ කළේය. චරිත් නමැති පුද්ගලයා සම්බන්ධයෙන් තවමත් වරදකරු බවට තීන්දුවක් ලබා නොමැති නමුත් ඔහුගේ සාමාජිකත්වය අත්හිටුවා ඇති බවද ඔහු සඳහන් කළේය. එමෙන්ම ආණ්ඩුව විපක්ෂය මර්දනය කරන බවටද ඔහු චෝදනා කළේය.

දුෂණ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් සමඟ එක් නොවන බව පැවසූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා, රටේ ජනතාව විපක්ෂය සමඟ එක්විය යුතු බවද අවධාරණය කළේය. එසේම දයාසිරි ජයසේකර මහතා පළ කරන අදහස් තමන් අනුමත නොකරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.